තායිවානය චීනයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පැසිෆික් සාගරයේ විශාල නාවික අභ්‍යාසයක චීනය නිරත වීම හේතුවෙන්, යුදමය ලෙස තමන් බියගැන්වීම නවත්වන්නැයි තායිවානය චීනයෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

නමුත් චීන බලධාරීන් මෙතෙක් ඒ ගැන අදහස් දක්වා නොමැති බව වාර්තා වේ.තායිවානය වටා මුහුදේ චීන හමුදා ක්‍රියාකාරකම්වල වැඩිවීමක් පෙන්නුම් කර තිබෙන අතරම, ගතවූ පැය 24 තුළ ගුවන් යානා 53 ක්, යුධ නැව් 11 ක් හා සාමාන්‍ය නෞකා අටක් මෙම කලාපය හරහා යාත්‍රා කර තිබුණි.

චීනය/  ෂැංහයි සිට ෆුජියන් ප්‍රාන්තය දක්වා විහිදෙන කිලෝමීටර් 1,000ක පමණ මුහුදු ප්‍රදේශයේ මෙම අභ්‍යාසය සිදු කළ බව වර්තා වේ.