*
Wednesday, February 5, 2025
spot_img

Latest Posts

මහින්දගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව ලොකුවටම අඩු කරයි

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති නිලධාරීන් සංඛ්‍යාව බරපතළ ලෙස අඩුකිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව නීතීඥ මනෝජ් ගමගේ පවසයි.

නියෝජ්‍ය පොලිස්පති (මානව සම්පත් කළමනාකාර) විසින් පෙරේදා (දෙසැම්බර් 10) නිකුත් කරන ලද ලිපියක් මගින් මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොට්ඨාසය වෙත දැනුම් දී ඇති බවයි නීතීඥවරයා සඳහන් කළේ.

එම ලිපිය අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් පළපුරුදු නිලධාරීන් සියල්ල ඉවත් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය තුරන් කිරීමට නායකත්වය දුන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව මෙසේ අඩුකිරීමට පියවර ගැනීම ඉතාම බරපතළ තත්වයක් බවත් නීතීඥ මනෝජ් ගමගේ වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan