හොයන්න හොරකම් නැති නිසා අපේ අධ්‍යාපන සුදුසකම් ගැන හොයන්න පටන් අරන් – අගමැති විපක්ෂයට හීන් නූලෙන් දෙයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ සොරකම් ගැන සෙවීමට නොමැති නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සෙවීමට පටන් ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (17) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

මීට ඉහතදී සෙවීමට සිදු වූයේ මැති ඇමතිවරුන්ගේ වංචා දුෂණ ගැන වන අතර අද තත්ත්වය වෙනස්වීම එක් අතකින් දියුණුවක් පෙන්වීමක් ලෙසද ගත හැකි බවයි අගමැතිවරිය සඳහන් කළේ.

“අපේ ආණ්ඩුව ඇතුලේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ,ඇමතිවරුන්ගේ කොලෆිකේෂන් ගැන පුදුම උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. මෙතන ඉන්න අපි බොහෝ දෙනෙක්ගේ කොලෆිකේෂන් ගැන හොයනවා, සෙටිෆිකේට්ස් ඉල්ලනවා. අරක ඉල්ලනනවා. මේක ඉල්ලනවා. පුදුම උනන්දුවක් දක්වනවා. අපි එක අතකින් සතුටු වෙනවා ඉස්සර මේ අමාත්‍යවරුන්, ආණ්ඩු අයගේ අයගේ අධ්‍යාපන සුදුසුකම් ගැන නෙමේනේ හෙව්වේ. හොරකම් ගැන හෙව්වේ. අපේ හොරකම් ගැන හොයන්න බැහැනේ ඉතිං ඒ නිසා අධ්‍යාපන සුදුසුකම් ගැන මෙච්චර උනන්දුවක් දක්වන එක ගැන මේක ටිකක් දියුණුවක් කියලා ගන්නත් පුළුවන්.” යනුවෙන් අගමැතිවරිය පැවැසුවාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...