එට්කා පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගෙනියනවා, අත්සන් කිරීමක් කර නෑ – අමාත්‍ය විජිත

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ (LNW):

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සිදුකළ ඉන්දියානු සංචාරයේදී විවිධ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අත්සන් කළ බවට පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසා සිටියේ,ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම නොහොත් ‘එට්කා’ ගිවිසුමට වත්මන් රජය අත්සන් කර හෝ එය ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක කටයුතු කර නොමැති බවයි.

අද (20) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දෙරට අතර මීට පෙර අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුමක් තියෙනවා. එම ගිවිසුමට අනුව කටයුතු කරමින් තියෙනවා. එය  යාවත්කාලීන කිරීමේ අවශ්‍යාවකුත් තියෙනවා. අපි ඉදිරියට බලාපොරොත්තුවෙනවා වෙළෙඳපොළ පුළුල්වීමත් එක්ක මීට දශක කිහිපයට පෙර අත්සන් කළ මෙම ගිවිසුම අලුත් කරලා ඉදිරියට ගෙනයන්න. එමෙන්ම එට්කා පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කරලා තියෙන්නේ. එහෙම නැතුව ඉන්දීය සංචාරයෙන් පසු එට්කා ගිවිසුමට අත්සන් කරලා…,එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරනවා…එහෙම එකක් කොහෙත්ම නෑ. අපි පැහැදිලිව අවධාරණය කරන්න කැමතියි අපේ රටේ ආර්ථිකයට හානිදායක වෙන ගිවිසුම්වලට අපි කොහොත්ම එළඹෙන්නේ නෑ. ඒක අපේ මූලික ප්‍රතිපත්තිය. දෙරටේම ආර්ථිකයේ සහ වෙළෙඳාමේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න අපි ඕනම වෙලාවක සූදානම්. ඒක අපි ඉන්න පැහැදිලි ස්ථාවරය”. ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...