මම හොඳ සනීපෙන්. මොන අන්තර් පාලනෙත් ගේන්න ඕනෑ මගේ ප්‍රධානත්වයෙන් – මහින්ද

Date:

තමන් අසනීප තත්වයක් නිසා රෝහල්ගත කර ඇති බවට පැතිර ගිය වාර්තා අසත්‍ය බවත් තමන් ඉතාම හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එසේම තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවක් ප්‍රකාශ කරන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් පමණක් බවත් බහුතරයක් එවැන්නක් නොපවසන බවත් ඒ මහතා සඳහන් කරයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා ඉවත් වී නව කැබිනට් මණ්ඩලයක් සමග අන්තර්වාර පාලනයක් ස්ථාපිත කළ යුතු බවට ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිස් සිදුකරන ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති සහිත පක්ෂ සියල්ල එකතු වී එවැනි අන්තර් පාලනයක් නිර්මාණය කිරීම ප්‍රායෝගික කටයුත්තක් නොවන හෙයින් කවර හෝ අන්තර් පාලනයක් නිර්මාණය කරන්නේ නම් එය කළ යුතුව ඇත්තේත් තමන්ගේ ප්‍රධානත්වයෙන් බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා තිබුණේ අද (22) උදෑසන මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...