සුරාබදු කොමසාරිස් ජනරාල්ට එරෙහිව ජාතික සංඝ සම්මේලනයෙන් ජනපතිට ලිපියක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දැනට වෙළඳපොලේ තිබෙන නිෂ්පාදනයන්ට වඩා අඩු මුදලකට මිලදී ගත හැකි නව මත්වතුර නිෂ්පාදනයක් ඉක්මනින් ජනතාවට ලබාදීමට කටයුතු කරන බවට සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා විසින් පසුගියදා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික සංඝ සම්මේලනය සිය දැඩි අප්‍රසාදය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

මෙය අතිශය ඛේදජනක අප්‍රසන්න පුවතක් වන අතර සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ සැකයක් ද උපදින බවයි ජාතික සංඝ සම්මේලනය එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

රටේ ක්‍රියාත්මක නීතිය (දුම්කොළ හා මධ්‍යසාර අධිකාරී පනත) අනුව රටේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාකිරීම නීතිවිරෝධී කටයුත්තක්ව තිබියදී රාජ්‍ය නිලධාරියකු ලෙස සුරාබදු කොමසාරිස් මෙම නීතිය හිතාමතාම උල්ලංඝනය වන පරිදි ක්‍රියාකරන්නේ දේශපාලන වශයෙන් ඔහුට සහයෝගයක් ලැබී ඇති නිසාදැයි සාධාරණ සැකයක් තමන්ට ඇති බවත් ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් කට්ටකඩුවේ සුමනරතන හිමි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් කර ඇත.

බහුතරයක් ජනතාව සහල්, පොල් වැනි අත්‍යාවශ්‍ය ආහාර අර්බුදයෙන් මුදාගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළයුතු මෙවන් මොහොතක මෙවැනි අනවශ්‍ය අමනෝඥ ක්‍රියාවන් මගින් පසුගිය මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය බරපතළ තර්ජනයකට ලක්වන බවත් එහිමියන් විසින් පෙන්වා දී ඇත.

අදාළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ LNW : මූල්‍ය අපරාධ විමර්ශන...

ශ්‍රී ලංකා ක්‍රිකට්, ක්‍රිකට් වින්දනය Rebuilding Sri Lanka සමඟ පාහයි

නිශ්මං රණසිංහ ජනවාරි 04, කොළඹ LNW: දිට්වා ව්‍යසනයෙන් නැගිටීම පහසු...

සීඑච්, සීආර් සහ මහනුවර ජය ලබති

නිශ්මං රණසිංහ ජනවාරි 04, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි සූරතාවලියේ...

‘දිට්වා’ ඉතිරි කර ගිය විසඳුම් දුර ප්‍රශ්න…

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ LNW : මේ වනවිටත් 'දිට්වා'...