රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ (LNW):
අද (23) දින කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගිය බව වාර්තා වේ.
පෙ.ව. 11:45 එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය. ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වා ඇත.