නවසීලන්තය සමඟ එක්දින තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 17 ක සංචිතයක්

0
223

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 24 ,(LNW)කොළඹ :

නවසීලන්තය සමඟ පැවත්වෙන එක්දින තරගාවලිය සඳහා 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.සුපුරුදු පරිදි චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට වේග පන්දු යවන්නන් ලෙස මොහොමඩ් සිරාස් සහ ඒෂාන් මාලිංග කැඳවා තිබීම විශේෂයි.එසේම මෙම සංචිතයට ටෙස්ට් ආරම්භක පිතිකරුවෙක් ලෙස කොටු කර තිබුණු නිශාන් මධුශ්ක මෙන්ම නුවනිඳු ප්‍රනාන්දු ද එක් කර තිබෙනවා.
පහත දැක්වෙන්නේ නවසීලන්තය සමඟ තරගාවලියට නම් කර තිබෙන කණ්ඩායමයි.

  1. චරිත් අසලංක – කැප්ටන්
  2. පැතුම් නිශ්ශංක
  3. අවිශ්ක ප්‍රනාන්දු
  4. නිශාන් මධුෂ්ක
  5. කුසල් මෙන්ඩිස්
  6. කමිඳු මෙන්ඩිස්
  7. ජනිත් ලියනගේ
  8. නුවනිදු ප්‍රනාන්දු
  9. දුනිත් වෙල්ලාලගේ
  10. වනිඳු හසරංග
  11. මහේෂ් තීක්ෂණ
  12. ජෙෆ්රි වැන්ඩර්සේ
  13. චමිදු වික්‍රමසිංහ
  14. අසිත ප්‍රනාන්දු
  15. මොහොමඩ් ශිරාස්
  16. ලහිරු කුමාර
  17. ඒෂාන් මාලිංග

http://www.sportwaynews.com/