රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
Kilauea ගිනි කන්ද හවායි හි පිහිටා ඇති අතර එය මේ වනවිට පුපුරා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
BBC පුවත් සේවය පවසන්නේ, මේ වනවිට ගිනි කන්ද අවට ප්‍රදේශය සුදු දුමාරයකින් වැසී ගොස් රතු පැහැති උණුසුම් ලාවා දියර ගලාගෙන එන බවයි. Kilauea ගිනි කන්ද පිහිටා ඇත්තේ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් වන Big Island හිවන අතර, එහි තවත් ගිනි කන්දක් පිහිටා ඇති බව සඳහන් වේ.
ලොව අධික සක්‍රීයතාවයකින් යුතු මෙම Kilauea ගිනි කන්ද විවිධ අවස්ථාවල සක්‍රීයවීම සුලබ තත්ත්වයක්. මේනිසාම සක්‍රීය ගිනි කන්ද දැකබලා ගැනීමටත් සංචාරකයන් දැඩි ඇල්මක් දක්වා සිටී.