පකිස්ථානය තලෙයිබාන් ඉලක්ක වෙත ප්‍රහාර දියත් කරයි; මරණ සංඛ්‍යාව 46 ඉක්මවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇෆ්ගන්හි තලේබාන් ත්‍රස්තවාදීන්ගේ සැඟවුණු ස්ථාන ඉලක්ක කර ගනිමින් පකිස්ථානය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් 46 දනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

පකිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ හමුදා මාධ්‍ය අංශය වන අන්තර් සේවා මහජන සම්බන්ධතා (ISPR) මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර ප්‍රහාර පාකිස්තානයේ දකුණු වසිරිස්තාන් ගෝත්‍රික දිස්ත්‍රික්කයට ආසන්නයේ ඇෆ්ගනිස්ථානයේ බර්මාල් දිස්ත්‍රික්කයේ සිදු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

කෙසේ නමුත්, ගුවන් ප්‍රහාරවලින් මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 46 දෙනෙකු සිටින බව වාර්තා වන අතර පකිස්ථානය ටෙහ්රික්-ඉ-තලිබාන්(TTP) සන්නද්ධ කණ්ඩායම්වලට රැකවරණය ලබා දෙන බවට පකිස්ථානය ඇෆ්ගන් රජයට නැවත නැවතත් චෝදනා කරයි.

පසුගිය සතියේ ටෙහ්රික්-ඉ-තලිබාන්(TTP) සන්නද්ධ කණ්ඩායම් විසින් අවම වශයෙන් පකිස්ථාන සොල්දාදුවන් 16 දෙනෙකු මරා දැමුණු අතර පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, මේ වසරේ මුල් මාස 10 තුළ ප්‍රචණ්ඩ සිදුවීම් 1,500 කට වඩා වැඩි ප්‍රමාණයක් අවම වශයෙන් මරණ 924 ක් වාර්තා වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...