නේපාල කිරුළ ඉන්දියාවේ ලුවෑන්ග් ට

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 27 ,(LNW)කොළඹ :

නේපාලයේ පැවති නේපාල විවෘත ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ කේවල පිරිමි සූරතාවය දිනා ගන්නට මේර්බා ලුවැන්ග් මයිස්නාම් සමත් වුණා.ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 61 වන ස්ථානයේ පසුවන ලුවැන්ග් මේ තරගාවලියේදී ආරම්භයේ සිටම ඉහළ මට්ටමකින් දස්කම් දැක් වූ අතර ඔහුගේ ප්‍රතිවාදීන් අතරින් එක වටයක් හෝ ජය ගන්නට සමත් වූ ක්‍රීඩකයා වූයේ විරේන් නෙත්තසිංහ පමණයි.


විරේන් ලුවෑන්ග්ට දැඩි තරගයක් ලබා දුන් අතර විනාඩි 52 ක් පැවති තරගයේ දී ලුවැන්ග් දෙවන වටය ජය ගනිද්දී ලකුණු සටහන දැක් වුණේ ද ලකුණු 21-19 ක් ලෙස යි.එහෙත් සෙසු සියලු තරග ලුවැන්ග් වට 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් වූ අතර අවසාන තරගයද විනාඩි 31 දී නිමා කරමින් ඉන්දියාවේම රාහුල් බාරද්වාජ් පරාජය කළේ ලකුණු 21 – 17 ක් සහ 21 – 16 ක් ලෙසයි.


මේ සමඟ දැක්වෙන්නේ සූරතාවය දිනා ගත් ලුවැන්ග් (දකුණේ) සහ අනු සූරතාවය දිනා ගත් රාහුල් (වමේ) ජය සංඛේත සමඟ ජයාරූපයකට පෙනී සිටි අවස්ථාවයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...

දයාසිරි ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයට...

බෙන්තර වෙරළින් මතු වූ රු.මි. 700කට අධික අයිස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව...