නේපාල කිරුළ ඉන්දියාවේ ලුවෑන්ග් ට

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 27 ,(LNW)කොළඹ :

නේපාලයේ පැවති නේපාල විවෘත ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ කේවල පිරිමි සූරතාවය දිනා ගන්නට මේර්බා ලුවැන්ග් මයිස්නාම් සමත් වුණා.ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 61 වන ස්ථානයේ පසුවන ලුවැන්ග් මේ තරගාවලියේදී ආරම්භයේ සිටම ඉහළ මට්ටමකින් දස්කම් දැක් වූ අතර ඔහුගේ ප්‍රතිවාදීන් අතරින් එක වටයක් හෝ ජය ගන්නට සමත් වූ ක්‍රීඩකයා වූයේ විරේන් නෙත්තසිංහ පමණයි.


විරේන් ලුවෑන්ග්ට දැඩි තරගයක් ලබා දුන් අතර විනාඩි 52 ක් පැවති තරගයේ දී ලුවැන්ග් දෙවන වටය ජය ගනිද්දී ලකුණු සටහන දැක් වුණේ ද ලකුණු 21-19 ක් ලෙස යි.එහෙත් සෙසු සියලු තරග ලුවැන්ග් වට 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් වූ අතර අවසාන තරගයද විනාඩි 31 දී නිමා කරමින් ඉන්දියාවේම රාහුල් බාරද්වාජ් පරාජය කළේ ලකුණු 21 – 17 ක් සහ 21 – 16 ක් ලෙසයි.


මේ සමඟ දැක්වෙන්නේ සූරතාවය දිනා ගත් ලුවැන්ග් (දකුණේ) සහ අනු සූරතාවය දිනා ගත් රාහුල් (වමේ) ජය සංඛේත සමඟ ජයාරූපයකට පෙනී සිටි අවස්ථාවයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...