යුද හමුදාව,සීආර් සහ හැව්ලොක්ස් ජයග්‍රහණය කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 29 ,(LNW)කොළඹ :

ගැටළු නැති තරගාවලි නැත.එහෙත් ගැටළුවලට හරි විසඳුම් දීමට මැදිහත් විය හැකි හරි බලයක් නැති තරගාවලියක් ලෙස ඉදරියට ඇඳෙන මාස්ටර් කාඩ් ජාතික රග්බි ලීග් සූරතාවලියේ පැවති තරග දෙකකින් යුද හමුදා කණ්ඩායම ශ්‍රී ලයන්ස් පරාජය කරමින් ද,සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම නාවික හමුදා කණ්ඩායම පරාජය කරමින් ද ජයග්‍රහණය කරන්නට සමත් විය.


යුද හමුදාව සහ ශ්‍රී ලයන්ස් අතර තරගයේ පළමු අර්ධය ලකුණු 10 – 10 ලෙස නිමා කරන්නට ශ්‍රී ලයන්ස් කණ්ඩායමට හැකි වුණත් දෙවන අර්ධයේදී යුද හමුදාව තරගය තම අණසකට යටත් කර ගන්නට සමත් විය.ඒ අනුව දෙවන අර්ධයේදී ලකුණු පූවරුවට යුද හමුදාව තවත් ලකුණු 22 ක් එකතු කර ගත් අතර ශ්‍රී ලයන්ස්ට හැකි වූයේ ලකුණු 5 ක් එක් කර ගන්නට පමණි.


ලකුණු 32 – 15 ක් ලෙස යුද හමුදාවට ජය අත් වූ මෙම තරගයේදී යුද හමුදා කණ්ඩායම උත්සාහක දිණුම් හතරකින් සහ එම උත්සාහක දිණුම් තුනක ප්‍රවර්ථනවලින් ද,නිදහස් පහර දෙකකින් ද ලකුණු 32 ක රැස් කරන්නට සමත් විය.උත්සාහක දිණුම් හතරෙන් දෙකකම හිමිකරු වූයේ ධනුෂ්ක තල්වත්තය.මනෝජ් කුමාර සහ සුධාරක දික්කුඹුර එක් උත්සාහක දිණුම බැඟින් ලබා ගන්නට සමත් විය.උත්සාහක දිණුම් තුනක නිවැරදි ඉලක්කය සහ නිදහස් පහර දෙකක නිවැරදි ඉලක්කය සාර්ථක කර ගන්නට ඉසුරු මැදගෙචරට හැකියාව ලැබිණි.


ශ්‍රී ලයනස් කණ්ඩායමේ ලකුණු 15 වාර්තා වූයේ උත්සාහක දිණුම් තුනක් හරහා ය.එම උත්සාහක දිණුම් තුනෙන් දෙකක් කවීශ ඉඳුරංග වාර්තා කළ අතර අනෙක් උත්සාහක දිණුම වාර්තා කළේ දෙනුවන් ලක්සඳ සිල්වා ය.
සීආර් කණ්ඩායම සහ නාවික හමුදාව අතර තරගයෙන් ලකුණු 38 – 15 ක ජයක් ලබා ගන්නට සීආර් කණ්ඩායමට හැකි විය.සීආර් කණ්ඩායම සිය ලකුණු 38 සඳහා උත්සාහක දිණුම් හයක් වාර්තා කරන්නට සමත් වූ අතර එහිදී ඔමල්ක ගුණරත්න සහ අමනෙත හතුරුසිංහ උත්සාහක දිණුම් දෙක බැඟීන් රැස් කරන්නට සමත් විය.තේනුක් නානායක්කාර සහ අදීශ වීරසිංහ එක් උත්සාහක දිණුම බැඟින් වාර්තා කරන්නට සමත් විය.ඉන් උත්සාහක දිණුම් තුනක් සුබෙයිර් දොරේ විසින් ද,තිළිණ විජේසිංහ විසින් එකක් ද ලෙස ප්‍රවර්ථන සාර්ථකව අවසන් කිරීමෙන් පසුව සීආර් ලකුණු නටහන 38 ක් ලෙස දැක්විණි.


නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් තිළින වීරසිංහ උත්සාහක දිණමක්,ප්‍රවර්ථනයක් සහ එක් නිදහස් පහරකින් නාවික හමුදා ලකුණු සටහනට සිය දායකත්වය දැක් වූ අතර දෙනුවන් වික්‍රමාරච්චි ද එක් උත්සාහක දිණුමකින් ඊට දායක විය.
හැව්ලොක්ස් කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම අතර තරගය දැඬි තරගකාරී ස්වභාවයක් ඉසිලූ අතර පොලිස් කන්ඩායම යුද හමුදාව සමඟ වූ තරගයේ දී අත් කර ගත් අහේතුක පරාජයට පිළිතුරු දීම සඳහා වඩා ශක්තිමත්ව තරගයට පිවිස සිටි බවක් පෙන්නුම් කළේය.එහිදී අවසාන ප්‍රතිපලය ලෙස හැව්ලොක්ස් ජය වළක්වන්නට පොලිසියට නොහැකි වුව ද,ලකුණු 17 -15 ක් ලෙස අවසාන ලකුණු තත්ත්වය තබා ගනිමින් පොලිස් කණ්ඩායම විශාල අභියෝගයක් හැව්ලොක්ස් වෙත එල්ල කරන්නට සමත් විය.


හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුණු 17 සඳහා උත්සාහක දිණුම් දෙකක් එක් විය.ඒවා අබ්දුල්ලා ෆායිස් සහ අස්මිර් ෆාජුඩීන් වාර්තා කරන්නට සමත් විය.එම උත්සාහක දිණුම් දෙකම සාර්ථක කර ගත් සැමුවෙල් මධුවන්ත ඊට අමතරව නිදහස් පහරක් ද සාර්ථකව අවසන් කරන්නට සමත් විය.
පොලිස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් දෙකක් වාර්තා විය.ඒවා හෆීස් තබීබ් සහ ප්‍රමේෂ් ධනුෂ්ක විසින් වාර්තා කළ අතර එම උත්සාහක දිණුම් දෙකෙන් එකක ප්‍රවර්ථනය සාර්ථක කර ගන්නට යෙහාන් බුලත්සිංහලට හැකි විය.එක් නිදහස් පහරකින් පොලිස් ලකුණු සටහනට දායක වෙන්නට නවීන් කණිෂ්ක ට ද හැකි විය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...