විශ්වාන්තර ගමනකින් පසුව වෙනත් විශ්වයකට යමුද ?

Date:

ක්‍රමයෙන් මැදියම එලඹෙත්ම
සේපාලිකා මල් යහනක
ඔබ පරෙස්සමෙන් සතපා තබා
නික්මෙන්නට සිදුවේ !

දහවලෙහි දාහය ගණනකටවත් නොගෙන
තැනින්තැන විසිරුණු දූපත් අතරෙහි
අප අපේ නවාතැන සදන්නේ කොහේදැයි
වෙහෙසවෙමින්, ඇවිදිමින්, නැවතෙමින්,
යලිදු ගමන් කරමින්, ගෙවා ගවු ගණන් දුර

“විශ්වාන්තර ගමනකින් පසුව
වෙනත් විශ්වයකට යමුදැ” යි
ඔබ ඇසූ පැණයට මුනිවත රැකගෙන
සිටියාට විරසක නොවන්න !

බදා සිඹ මෘදු කොපුල ඔබ ඇහැරෙන්න පළමුව
සිසිතරන නිද්‍රාවෙන් මදක් හෝ නොමුදවාගෙන
පෙලක් දිනවල සුසුමකින් පමණක් සමුගෙන
පසු නොහැරී නික්මෙමි මහ බරක් අරගෙන !

~ MKCP ශෂීන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...