“එක් චීනයක්” ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කිරීමට කැබිනට් එකඟතාවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නීත්‍යානුකූල ලෙස මහජන චීන සමූහාණ්ඩුව පමණක් පිළිගනිමින් තායිවානය චීනයේ එක් පළාතක් ලෙස පමණක් පිළිගන්නා “එක් චීනයක්” ප්‍රතිපත්තිය ඒ අයුරින්ම තවදුරටත් අනුගමනය කරමින් ඊට අනුගතව කටයුතු කිරීමට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිල නිවේදනය පහතින් දැක්වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සතියේ චීනයෙහි නිල සංචාරයක නිරත වීමට ද නියමිත ය.


ශ්‍රී ලංකා රජය “එක් චීනයක් ප්‍රතිපත්තිය” අඛණ්ඩව අනුගමනය කිරීම

ශ්‍රී ලංකා රජය “එක් චීනයක් ප්‍රතිපත්තිය” අඛණ්ඩව අනුගමනය කර ඇති අතර, එමගින් චීනය ලෙස මහජන චීන සමූහාණ්ඩුව පමණක් පිළිගන්නා බවත්, තායිවානය චීනයේ එක් පළාතක් ලෙස පමණක් පිළිගන්නා බවත් අදහස් කරනු ලබයි. ශ්‍රී ලංකා රජයේ එකී ප්‍රතිපත්තිය ඒ අයුරින්ම තවදුරටත් අනුගමනය කරමින් ඊට අනුගතව කටයුතු කරනු ලබන බවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදීමට තීරණය කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...