ක්ලීන් ශ්‍රී ලංකා යනු ගෝඨා Part Two ද ?

ඇත්තටම ගත්තම ත්‍රීවීල්වල ස්ටිකර්, සුදුයකඩ කෑලී බෑලි ගැලෙව්වට අමුතු ආරක්ෂාවක් හැදෙන්නෙ නෑ.. මොකද ත්‍රීවීල් කියන්නෙම පට්ටම අනාරක්ෂිත වාහනයක්.. ඒවගේම ත්‍රීවීල් කියන්නේ වැඩිය කූරු ගහන්ට යන්ට හොඳ නැති දුප්පත්ම ට්‍රාන්ස්පෝට් සේවිස් එක.

බසුත් එහෙම තමා, ලංකාවේ බස් කියන්නෙ රළු පාවිච්චියට හදපු ඉන්දියන් ටාටා, ලේලන්ඩ් ලොරි චැසිවලට ඩුප්ලිකේට් බස් බොඩි තියපුවා.. ඒවත් ආරක්ෂිත සහ පහසු පොදු ප්‍රවාහන සේවයකට සුදුසු නෑ. ඒවගේ සුදු යකඩ කෑලි ගැලෙව්වා කියලා අමුතු ආරක්ෂාවක් හැදෙන්නෙ නෑ..

ඇත්තම ප්‍රශ්නෙ තියෙන්නේ සුදු යකඩ කෑලි වලවත් ස්ටිකර්වලවත් නෙමේ, වෙන තැනක.. පොදුවේ ගත්තම ලංකාවේ තියෙන්නේ අනාරක්ෂිත වගේම කොහෙත්ම ප්‍රමාණවත් ට්‍රාන්ස්පෝට් සේවිස් එකක් නැති ප්‍රශ්නේ..

ඔෆීස් ටයිම් එකේ සහ පාසල් ඇරෙන වැහෙන වෙලාවට පාපුවරුවේ සිට අඩි තුනක් විතර එළියට සිටින සේ දොරේ මගීන් එල්ලිලා යන අවස්තා අපිට උදේ හවා පේනවා..මෙවැනි අවස්තාවල පාපුවරුව කැඩිලා නැත්නම් අත්වැට කැඩිලා එහෙමත් නැත්නම් අත හැරිලා සිදු උන අනතුරු ඕන තරම් අහන්ට ලැබෙනවා..

ඒවගේම ප්‍රමාණවත් ට්‍රාන්ස්පෝට් සේවිස් එකක් නැතිනිසාම පොල් පටවලා වගේ මගීන් අරන් යන බස් රථ අපිට උදේ හවා පරෙ පේනවා.. මේ තත්වය නිසාම කාන්තා හා ළමා අපචාර රෝග බෝවීම්, පොකැට් ගැහිලි යන අපචාර වලට මේ පොල් පටවන ප්‍රවාහන සේවය සපයන්නෙ සුළුපටු අත්වැලක් නොවේ..

ඒ කෙසේ වෙතත් බස් සහ ත්‍රීවීල් වල ස්ටිකර් ගලවනව වගේ සෙප්පඩ ප්‍රතිසංස්කරණ වලට රට බංකොලොත් කරපු අපේ රටේ බයි සුළුධනපති පන්තිය හරි ආසයි.. උන් හිතන් ඉන්නෙ ස්ටිකර් සුදු යකඩ කෑලි ගැලෙව්වම ලංකාව සිංගප්පූරුවක් වෙනව කියලා..

ගෝඨත් ඒ අය සතුටු කරන්ට ගිහින් තමා කෙලව ගත්තෙ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව : හෘද සැත්කමකට භාජනය කරලා?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : අල්ලස් කොමිසම මගින්...

දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 72කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

GovPay සහ LankaQR මගින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවය IMF අගය කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඩිජිටල්...

නාමල් අධිකරණයට!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...