යළි පණගැන්වෙන වාලච්චේන කඩදාසි කම්හල!

කොළඹ LNW: වාලච්චේනය කඩදාසි කම්හල යළි උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කරවීමට රජය තීරණය කර තිබේ.

කම්හලේ කඩදාසි නිශ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යවන ඉවත ලන තත්ත්වයෙන් උසස් කඩදාසි සපයා ගැනීම සඳහා රජයේ ආයතනවල ඉවතලන කඩදාසි ශ්‍රී ලංකා කඩදාසි සමාගමේ වාලච්චේන කම්හලට භාර දීම කර්මාන්ත සහ ව්‍යවසායක සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත්කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිව ඇත.

වාලච්චේන කඩදාසි කම්හල 1955දි නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර පසුව එහි නිෂ්පාදන ක්‍රියාවලිය ඇනහිටියේය.

2020 දි යළිත් කම්හල ආරම්භ කළ නමුත් එහි යන්ත්‍ර දෙකෙන් එක් යන්ත්‍රයක් පමණයි මේ වන විට ක්‍රියාත්මක වන්නේ.

ඉන් මාසෙකට මෙට්‍රික් ටොන් 250ක් කඩදාසි නිෂ්පාදනය කළ හැකි බව සඳහන්. කඩදාසි නිශ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය ඉවතලන කඩදාසි වන අතර ඉවතලන කඩදාසි ප්‍රමාණවත් තොග අඛණ්ඩව ලැබෙන්නේ නම් මේ කර්මාන්තය පවත්වාගෙන යා හැකි හෙයින් එම අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව රජයේ මුද්‍රණාලය, මුද්‍රණ නීතිගත සංස්ථාව, මැතිවරණ කොමිසම, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ යටතේ ක්‍රියාත්මකවන රජයේ ආයතන, විශ්වවිද්‍යාල, රජයේ සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මගින් බැහැර කරනු ලබන තත්ත්වයෙන් උසස් සුදු කඩදාසි ඇතුළු ඉවතලන කඩදාසි තොග සීමා සහිත ජාතික කඩදාසි සංස්ථාව විසින් ප්‍රවාහන පහසුකම් සැලසීමේ පදනම මත නොමිලේ සීමා සහිත කඩදාසි සමාගම වෙත ලබා දෙන්න යෝජනා කර ඇත.

අනෙක් රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන සහ මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල පවතින ටෙන්ඩර් පිටිපාටියෙන් බැහැරව ජාතික කඩදාසි සංස්ථාව සමග එකඟවන සහනදායි මිලකට එකී සමාගම වෙත භාරදීමට යෝජනා කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...