කොළඹ LNW:චීන-අප්‍රිකා සහයෝගීතා සංසදය සමග ඵලදායී කාර්යභාරයක් ඉටු කරමින් එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව චීන විදේශ ඇමතිවරයා පවසනවා.
නව වසරේ පළමු සංචාරය අරඹමින් හෙතෙම මේ බව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
චීන විදේශ ඇමති වං යී මහතා ඊයේ(07) කොංගෝ ජනරජයේ අගනුවරදී එරට ජනාධිපති Denis Sassou Nguesso මහතා හමුවීමෙන් පසු මාධ්‍ය හමුවකට එක්වෙමින් දෙපාර්ශ්වය අතර සබඳතා පිළිබඳව සඳහන් කළා.
චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයේ සම සභාපති රටවල් දෙකක් වන චීනය හා කොංගෝ ජනරජය සතුව ඇති සැලසුම් පිළිබඳව ද එහිදී අවධාරණය කෙරුණා.
චීනය සහ අප්‍රිකාව සංවර්ධන උපායමාර්ග ශක්තිමත් කරමින් ඉදිරියට නව වැඩපිළිවෙළ රුසක් අරඹන බව ද එහිදී චීන විදේශ ඇමතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. අප්‍රිකා රටවල ආනයනයන් සම්බන්ධයෙන් සියයට 100ක ශුන්‍ය රේගු බදු පැනවීම නිසිලෙස ක්‍රියාත්මක කළ යුතු අතර අනෙකුත් ප්‍රධාන චීන-අප්‍රිකා ව්‍යාපෘති මනාව ප්‍රවර්ධනය කළ යුතු බව ද වං යී මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.
දිනූෂි ධීරසිංහ