ඇවිත් වස්සමු අපි සමඟ මහ සෙල්ෆි වැසි සැම රොඳ බැදී

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 12 ,(LNW)කොළඹ :

යන්න තව මොහොතකුයි ඇත්තේ ලොව දිනන සටනට අපි
තුටින් සිට අපි පොටෝ ගන්නේ එකිනෙකා වෙත හැපි හැපි
පිටිය දෙවනත් වෙන්න හැපි හැපි සටන් කරනවා සැම අපි
දිනන හැඟුමම සුවඳ තවරයි හදෙහි සතුටෙහි මල් පිපී

ගන්න හිත ඇත හැම කෙනෙක්ගෙම කිරුළ කිසිවෙක් වෙත නොදී
ඉන්න හැම හිතකම පුරෝගෙන පැතුම ජය ටැඹ වෙත රැදී
එන්න දිනුවොත් තුටු හැඟුම් ගෙන මඟට ජය දද ලෙල දිදී
ඇවිත් වස්සමු අපි සමඟ මහ සෙල්ෆි වැසි සැම රොඳ බැදී

මැලේසියාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යන්නට සුළු වේලාවකට පෙර උප නායිකා රශ්මිකා සෙව්වන්දි මේ ආකාරයට සිය කණ්ඩායම් සඟයින් සමඟ ඡායාරූපයකට පෙනී හිටියා.ඇය මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ පමණක් නොවේ,ශ්‍රී ලංකාවට එදිරිව එන සෙසු කණ්ඩායම්වල පරාජයන් හී ද අතිශයින් තීරණාත්මක සාධකයක් වෙනවා.


ඉතාමත් දක්ෂ කණ්ඩායමක් හැටියට අවිවාදිත ඔවුන්ට ජයග්‍රහණයට අවශ්‍යය වන්නේ සිය දක්ෂයන් නිසි තැන යෙදවීම සහ නිසි ලෙස සිය දක්ෂතා කළමණාකරණය කර ගැනීමයි. ඉහත දැක්වෙන්නේ, තරගාවලියේ කුසලානය සම්බන්ධයෙන් බලාපොරොත්තු පිරි ඔවුන් සමූහයේ ඡායාරූපයට තැබූ කවියකුයි.
තරගාවලියේ ශ්‍රී ලංකාව තරග කරන මූලික වටයේදී ඔවුන් ඇතුළත්ව සිටින්නේ ඒ කාණ්ඩයටයි.කණ්ඩායම් 16 ක් සහභාගි වන මෙම තරගාවලියේ එක් කාණ්ඩයකට කණ්ඩායම් හතරක් ඇතුළත් වෙනවා.ශ්‍රී ලංකාව සිටින ඒ කාණ්ඩයේ ශ්‍රී ලංකාව සමඟ සත්කාරක මැලේසියාව සහ ඉන්දියාවත්,බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමත් ඇතුළත් වෙනවා.


තරගයේ තරග කාල සටහන සහ කණ්ඩායම් බෙදි යන ආකරය ඇතුළු සියල්ල සාරංශ කර ලබා ගැනීමට පහත සබඳතාවයට පිවිසෙන්න.
https://bit.ly/40qxgGa

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...