අභියාචනාධිකරණ සභාපතිට එරෙහි දෝෂාභියෝගය තාවකාලිකව නවතී !

Date:

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට පුවතක් LNW අපි මීට දින කිහිපයකට පෙර පළ කළෙමු. මෙවර සති අන්ත පුවත්පත් ද ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු වාර්තා කර තිබිණි.

කෙසේවෙතත් එම දෝෂාභියෝගය සම්බන්ධ කටයුතු මේ වනවිට තාවකාලිකව නතර වී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ඊයේ (ජනවාරි 12) දිනයේදී නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිව්දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දුන් අතර ඒ සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ඔවුන් සහ ජනාධිපතිවරයා අතර පැවති සුහද පිළිසඳරේදී ඔවුන් ද ඒකමතිකව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ දෝෂාභියෝගයකට නොයා මෙම ගැටලුව විසඳාගැනීමට කටයුතු කරන ලෙසයි. ඒ, මෙවන් සිදුවීමක් සිදුවුවහොත් එය ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ ඉතිහාසයට කැළලක් වශයෙන් එක්වන බැවිනි.

එමෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේ අභියාචනාධිකරණය දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලෙන් වෙනත් පරිශ්‍රයකට ගෙනයාමට කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් ඊට අදාළ සියලුම සැලසුම් ඇත්තේ අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සතුව බවත් ය. ඒ අනුව, සභාපතිවරයා ක්ෂණිකව ඉල්ලා අස්වුවහොත් හෝ දෝෂාභියෝගයකින් ඉවත් කරනු ලැබුවහොත් එම සැලසුම් සම්පූර්ණයෙන්ම අවුල් වී අභියාචනාධිකරණය වෙනත් පරිශ්‍රයකට ගෙනයාම තවදුරටත් ප්‍රමාද විය හැකි බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් දැනමටත් ප්‍රමාද වී ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සඳහන් කරයි.

මේ අතර තමන් තව මාස කිහිපයකින් විශ්‍රාම යාමට නියමිත බැවින් ඒ දක්වා කාලය තුළ අලුතින් නඩු කටයුතුවලට සම්බන්ධ නොවී පරිපාලන කටයුතු පමණක් කරගෙන සිට ගෞරවාන්විතව විශ්‍රාම යාමට තමන්ට අවස්ථාව ලබාදෙන ලෙස නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

නමුත් ජනාධිපතිවරයා මේ පිළිබඳ තමන්ගේ ස්ථාවරය තවමත් දැනුම් දී නොමැති අතර එළඹෙන චීන සංචාරයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...

අධිවේගී මාර්ගයේ යනවා නම් මේ ගැනත් දැනුවත්ද?

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අද (01) සිට අධිවේගී...