අපි දවසක් ඉඳලා හෙට යන්න ආපු ආණ්ඩුවක් නෙවෙයි. අනවශ්‍ය කලබලයක් හදන්න එපා, මේක අපේ රට – මාලිමා චන්දන

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතාව අවුරුදු 76ක් තිස්සේ පීඩාවට පත්ව සිට තමන්ට බලය ලබාදුන්නේ කෙටි කලකින් ආපසු යන්නට නොවන බවත් අනවශ්‍ය කලබල ඇති නොකරන ලෙස ඇතැම් මාධ්‍ය ආයතන සහ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

“ඉතා පැහැදිලිව කළ හැකි දේවල් තිබෙනවා. උදාහරණයක් විදියට දැන් ආණ්ඩුව බලය අරගෙන තමයි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න වෙන්නෙ. එතකොට ඒවා එතෙක් පැවතිච්ච යම්යම් නීතිරීතිවලින් සීමා වෙලා තියෙනවා, සමහර ගිවිසුම්වලින් සීමාවෙලා තියෙනවා. උදාහරණයක් විදියට ඉන්ධන මිල රජය අඩුකරන ප්‍රමාණයට අපි අනෙක් සමාගම්වලට රජයේ භාණ්ඩාගාරයෙන් ගෙවන්න ඕනෙ. එහෙම තමයි හිටපු පාලකයෝ ගිවිසුම් අත්සන් කරගෙන තිබෙන්නෙ. ඒ නිසා අපි රටේ ජනතාවට පාඩුවක් නොවෙන්න පවතින නීති සංශෝධනය කරමින් ගිවිසුම් සංශෝධනය කරන්න පියවර ගනිමින් ඉන්නවා. අනිත් එක අපි දවසක් ඉඳලා හෙට යන්න ආපු ආණ්ඩුවක් නෙවෙයි. මේ රටේ ජනතාව අවුරුදු 76ක් පීඩා විඳලා ඒ පීඩනයෙන් මේ රට ගොඩනඟාගෙන අලුත් රටක්, අලුත් ආර්ථිකයක් නව මාවතක යන්න ආපු රජයක්. අපි පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් තුළින් අපේක්ෂා කරන්නේ දිගුකාලීනව රටේ ජනතාවට හොඳ ජීවිතයක් ලබාදෙන්න.. ඒක පැයෙන් දෙකෙන් කරනවා කියන තැනකට ලඝු වෙන්නත් එපා, එහෙම ලඝු කරන්න උත්සාහ කරන්නත් එපා. විශේෂයෙන්ම කලබල කරන මහත්තුරුන්ගෙන් අපි ඉල්ලනවා, ඇතැම් මාධ්‍ය ආයතනවලින් අපි ඉල්ලනවා, අනවශ්‍ය කලබලයක් හදන්න එපා, මේක අපේ රට. මේක අපේ දරුවන්ගේ අනාගතය. ඒවා විනාශ කරපු උන්ගේ හීන වෙනුවෙන් දඟළන්න එපා. බොහොම ඉවසීමෙන් බලාගෙන ඉන්න. ඒ අවශ්‍ය සංවර්ධනය, අවශ්‍ය වෙනස අපි ඉතා වගකීමෙන් ඉටු කරනවා”

ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 12) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” සංකීර්ණය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි !

කොළඹ පිහිටි "සිටි ඔෆ් ඩ්‍රීම්ස් - ශ්‍රී ලංකා" හෝටල්...

විගමනික ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්!

කොළඹ LNW:විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට සිටින සමීප...

ධර්මෙගේ ඇඟිළි ගැහිල්ල අධාර්මික වැඩක් බව ඉන්දීය මාධ්‍ය පවසයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: මේ මොහොතේ ක්‍රියාත්මක එංගලන්තය සහ...

අවුරුදු 19 න් පහළ ජාතික තරගාවලියේ පලදාව ඔස්ට්‍රේලියාවට එරෙහිව…?

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත...