ගෝල්ෆේස් දාලා පෙන්නපු වාහන මාලිමා මන්ත්‍රීලා බෙදාගෙන කියලා ආරංචියි – හර්ෂණ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වනවිට ජනතාව කියන දේ නොඅසන, තමන්ම කියූ දේවල් ද අමතක තත්වයකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

“දැන් මේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් උද්දච්ඡ තත්වයකට පත්වෙලා තියෙනවා. දැන් මේගොල්ලන් ජනතාව කියන දෙයක් අහන්නෑ. කිව්ව දේවල් අමතක වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් එපා කිව්වා, පෙන්ෂන් එපා කිව්වා, නිවාස එපා කිව්වා. හැබැයි අද ඒවා ගැන කතාවක්වත් කරනවාද ? ගෝල්ෆේස් එකේ දාලා වාහන පෙන්නුවේ, ඒ වාහන ටික කොහෙද දැන් ? අපට ආරංචියි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ඒ වාහන දීලා දැන්. කැන්ටින් එක වහනවා කිව්වා. කැන්ටින් එකේ කන කෑම දිහා බලන්න පුළුවන් දැන් එතන හිටියා නම්”

හර්ෂණ රාජකරුණා මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 12) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...