ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාවත් යළි නැගිටියි!

Date:

කොළඹ LNW:ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු දින 30 ක් ඇතුළත නැවත ආරම්භ කරන බව ලංකා පිගන් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ ඩිල්ෂාන් වීරසිංහ මහතා පවසයි.

උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සෙසු ප්‍රදේශ වල පවතින ඉල්ලුම සපුරාලීමේ අරමුණින් එම නිෂ්පාදනය ආරම්භ කරන බවයි වීරසිංහ මහතා සඳහන් කරන්නේ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා පිඟන් සංස්ථාවට අයත් අම්පාර එරියගම පිහිටි උළු නිෂ්පාදන කර්මාන්තශාලාවේ යන්ත්‍රෝපකරණ නවීකරණය කර එහි නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීමටත්, උළු හා ගඩොල් නිෂ්පාදනය සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දී එම අංශයේ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීමට හා පිඟන් ගඩොල් කර්මාන්තශාලාවක් ආරම්භ කර පිඟන් ගඩොල් නිෂ්පාදනය ආරම්භකිරීමටත් කටයුතු කරන බවද නව සභාපතිවරයා කියා සිටියි.

එසේම “ලංකා පෝසිලෙන් ” (Lanka Porcelain) නාමය යටතේ ඉදිරියේදී නාන කාමර උපාංග නිෂ්පාදනය කිරීමටද කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

ඩිල්ෂාන් වීරසිංහ මහතා පුද්ගලික හා රාජ්‍ය අංශයේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 20 කට වඩා වැඩි අත්දැකීම් හා පලපුරුද්දක් සහිත වරලත් ගණකාධිකාරීවරයෙක් ලෙස කටයුතු කළ තැනැත්තෙකි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...

ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය...

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...