දුමින්ද ජාතික රෝහලෙන් යළි බන්ධනාගාර රෝහලට!

Date:

කොළඹ LNW:ජිවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාසිටින දුමින්ද සිල්වා පසුගිය 10 වැනිදා බන්ධනාගාර රෝහලෙන් වැලිකඩ සාමාන්‍ය සිරමැදිරියකට මාරු කළද ඔහු පැය 24ක් යාමට පෙර ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී.

බන්ධනාගර රෝහලේ රඳවා තැබීමට තරම් අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් නොමැති වීම මත ඔහුව සාමාන්‍ය සිර මැදිරියකට යොම කළද ඔහුට එහිදී අසනීප තත්ත්වයක් හට ගෙන තිබුණු බවටයි වාර්තා වුණේ.

ඒ සිල්වා ජාතික රෝහලට ඇතුල් කරන ලද අතර මේ ඔහුව නැවත බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්.

ඒ අනුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධ වාර්තාවක් එළඹෙන 15 වැනිදා ලබා දීමට නියමිත බවයි දැක්වෙන්නේ.

කෙසේවෙතත් දුමින්ද සිල්වා සම්බන්ධ සිද්ධියේදී දිගින් දිගටම කියවුණේ ඔහු ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ලක්වුවද සෙසු සිරකරුවන් මෙන් නොව වරප්‍රසාද සහිතව බන්ධනාගර රෝහල තුළම රඳවා සිටි බවටයි.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඔහුට ජනාධිපති සමාව හිමිවුවද නැවත එම තීන්දුව බලරහිත වීම මත සිරදඩුවම යළි ක්‍රියාත්මක විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...