අත්අඩංගුවට ගැනීම නීති විරෝධී පරීක්ෂණයක් වුවත්, ලේ වැගිරීම් නැවත්වීමට තමා ඉදිරිපත් වූ බව දකුණු කොරියා ජනාධිපති පවසයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක්-යෙයෝල් අත්තනෝමතිකව දෙසැම්බර් 3 වැනි දින හදිසි නිතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඊයේ(15) දිනයේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ සති ගනනාවක් තිස්සේ පැවති ආන්ඩුවේ කැලඹීම ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකය අවුල් කර ඇත.

පසුගිය දෙසැම්බර් මස 14වන දින ඔහුව කඩිනමින් දෝෂාභියෝගයට ලක් කර රාජකාරිවලින් ඉවත් කරන ලද අතර ජනාධිපති මාලිගයේ රැඳී සිටියදී නිලධාරීන් 3,000කට වැඩි පිරිසක් බලමුලු ගැන්වීමෙන් පසුව, නායකයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා රැගෙන යන ලදී.

ජනාධිපතිවරයා මුල් වරට අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ ආරක්ෂක අංශ හා පාක්ෂිකයන් විසින් වලක්විමත් සමඟ අධිකරණය විසින් වරෙන්තු දීර්ඝ කිරීමට අවසර ලබා දී තිබුණු අතර පොලිසිය සහ ආරක්ෂක අමාත්‍යාංශය සමඟ කටයුතු කරන දූෂණ විමර්ශන කාර්යාලයේ (CIO)විසින් ඊයේ දිනයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, අත්අඩංගුවට ගැනීම නීති විරෝධී පරීක්ෂණයක් වුවද, අශෝභන ලේ වැගිරීම වැළැක්වීම සඳහා තමා CIO විමර්ශනයට ප්‍රතිචාර දැක්වීමට තීරණය කළ බවයි.

කෙසේ නමුත් යුන්ගේ පාක්ෂිකයන් මේ වන විට රටපුරා විරෝධතා පවත්වමින් සිය නායකයා අත්අඩංගුවට ගැනීම හෙළාදක තිබේ.

මෙම අවස්ථාව දකුණු කොරියානු ජනාධිපතිවරයකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව වන අතර ජනාධිපතිව සිටියදී බොහෝ අපරාධ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරිය නොහැකි වුවද, කැරැල්ල හෝ රාජද්‍රෝහී නඩු වලදී ඔහුට මුක්තියක් නොමැති හෙයින්, විමර්ශන සනාථ වන්නේ නම් ජනාධිපතිවරයා ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට හෝ මරණ දණ්ඩනයට පවා මුහුණ දිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා ධීවර ක්ෂේත්‍රයට කළ හානිය – කෝටි 750 ක් ඉක්මවා විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට...

චීනයේ Bohai මුහුදෙන් ටොන් මිලියන 100 ඉක්මවූ තවත් තෙල් නිධියක්!

කොළඹ LNW:ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6...

මාලිමාව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර...

මම දැක්කා විපක්ෂය මේ දවස්වල එන්නතක් අල්ලන් කෙඳිරි ගානවා. ඕවා විකාර කතා – මාලිමා මන්ත්‍රී උපුල්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රමිතියෙන් බාල එන්නතක් සම්බන්ධයෙන් විපක්ෂය ආණ්ඩුවට...