ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට යාමට හිටපු බ්‍රසීල නායකයාට අධිකරණයෙන් තහනම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විසින් එක්සත් ජනපද ජනාධිපති තම මිත්‍ර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සම්බන්ධ වීමට කරන ලද ඉල්ලීම බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජෙයාර් බෝල්සනාරෝ 2019 සිට 2023 දක්වා බ්‍රසීලය පාලනය කළ අන්ත දක්ෂිණාංශික ජනතාවාදි නායකයෙකි. ඔහු 2023 මැතිවරණයේදී දක්ෂිණාංශික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඔහුගේ වාම අනුප්‍රාප්තිකයා බලයට පත්වීම නැවැත්වීමේ සාපරාධී කුමන්ත්‍රණයක කළ බවට චෝදනා ලබා සිටින බැවින් ඔහුගේ ගමන්බලපත්‍රය අධිකරණය භාරයේ පවතියි.

බ්‍රසීලයේ මැතිවරණ ක්‍රමය පිළිබඳ වැරදි තොරතුරු පතුරුවා හැරීම හේතුවෙන් 2030 දක්වා මැතිවරණයක් ඉල්ලා සිටීම දැනටමත් තහනම් කර ඇති බොල්සොනාරෝ මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, ඔවුන් උත්සාහ කරන්නේ මාව අවමානයට පත් කර ලෝකයේ දරුණුතම අපරාධකරුවා කිරීමට උත්සහ කරන බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...