වසරේ පළමු බැඩ්මින්ටන් සූරතාවලිය අද වව්නියාවෙන් ඇරඹෙයි – නෙත්මි සහ සෙනුක් පෙරමුණේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 18 ,(LNW)කොළඹ :

ශ්‍රී ලංකා බැඩිමින්ටන් සම්මේලනයේ දායකත්වය ඇතුව උතුරු පළාත් බැඩිමින්ටන් සංගමය මෙහෙයවන උතුරු පළාත් ජාතික බැඩ්මින්ටන් සූරතාවලිය අද වවුනියා දිස්ත්‍රිත්ක්කයේ ඕමත්තේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.කලකට පෙර යුද පුවත්වල වාර්තා අතර බිහිසුණු බව ඇලී තිබුණු,උතුරටත් දකුණටත් වටිනා තරුණ ජීවිත අහිමි කළ තැනක්ව තිබිණ.එවන් ඕමත්තේ,සාමයේ ප්‍රීතිය සමඟ රටට පලදායී ලෙස තරුණ ජවය හඳුනා ගැනීමට හැකි ජාතික මට්ටමේ ක්‍රීඩා සැණකෙළියක වර්ණවත් බව සමඟ උතුරේ සහ දකුණේ දක්ෂතාවලට පොදු බිමක් වීම සතුටට කාරණයකි.


පිරිමි සහ කාන්තා කේවල,යුගල මෙන්ම මිශ්‍ර යුගල ලෙස විවෘත අංශයෙන් තරග පැවත්වෙන උතුරු පළාත් තරගාවලියට ප්‍රවීන සහ කණිෂ්ඨ ලෙස ද සියලු වයස් ඛාණ්ඩ ඇතුළත්ව තරග පැවත්වීමට නියමිතය.මෙහිදී පිරිමි කේවල අංශයෙන් තරගාවලියට තරග වඳින ක්‍රීඩකයින් අතර තරගාවලිය ආශ්‍රිතව අංක එකට නම් කර සිටින්නේ ජාතික සූරතාවලියේදී අනු සූරයා වූ සෙනුක් සමරරත්නයි.කාන්තා අංශයේ තරගාවලියට තරග වඳින ක්‍රීඩිකාවන් අතර අංක එකට සිටින්නේ නෙත්ම් අමායා රත්නායකයි.


පිරිමි යුගල තරග අංශයේදී මධුක දුලාංජන සහ ලහිරු මධුෂාන්ට තරගාවලියට අනුව අංක එකේ පිරිමි යුගලය වීමට අවස්ථාව ලැබී ඇත.කාන්තා යුගල අංශයේදී මේ අවස්ථාව හිමිව ඇත්තේ ලාබාල ඉසුරි අත්තනායකට සහ සිතුමි ද සිල්වාට ය.හංසක රණසිංහ සහ චමින්දුනි ආදිප්තයා දිසානායක මිශ්‍ර යුගල තරග අංශයේ අංක එකට ශ්‍රේණිගතව සිටින්නේය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...