ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් සුභ පණිවිඩයක්!

Date:

කොළඹ LNW:සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

බීබීසී ආයතනය විසින් එම සමීක්ෂණය සිදුකර තිබෙන අතර ලොව පුරා සංචාරයේ නිරත වන සංචාරකයන් සඳහා මේ වසරේ සිය පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් බීබීසි නාලිකාව මෙම ගෞරවය ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ.

බීබීසී ආයතනය මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙන්නේ ඔවුන් සමග කටයුතු කරන සහෝදර මාධ්‍යවේදීන් සහ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය, ගෝලීය සංචාරක කවුන්සිලය වැනි ආයතනවල නිර්දේශ මත පදනම්වය.

බීබීසි නාලිකාව එම මාර්ගෝපදේශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සංචාරකයන් සාදරයෙන් පිළිගන්නා රටක් බවයි.

එසේම ශ්‍රී ලංකාව සංචාරකයන්ට අද්විතිය අත්දැකීමක් ලබාදෙන බව ද බීබීසි ය පවසයි.

බීබිසි නාලිකාව ප්‍රකාශයට පත්කළ මෙම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන අතර පළමු තැන හිමිකර ගෙන ඇත්තේ ඩොමිනිකා රාජ්‍ය වන අතර දෙවන ස්ථානය ජපානයේ නාඕෂිමාවට හිමි වී තිබේ. තුන්වන ස්ථානය ඉතාලියේ ඩෙලෝමයිට්ස් කඳුකරයට හිමිවී ඇත.

එම ශ්‍රේණිගත කිරීමේ 25 වන ස්ථානය හිමිවී ඇත්තේ නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරටයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...