කොළඹ LNW: පාසල් සංවර්ධන නිලධාරීන් ගුරුසේවයට අන්තර්ග්රහණය කරන ලෙස ඉල්ලා අද (20) කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරී සංගමය විසින් එම විරෝධතාව සංවිධානය කර තිබුණු අතර එහි කැදවුම්කරු දිනිදු බන්ඩාර ඇතුළු කිහිප දෙනෙකුට සිය ගැටළුව ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සාකච්ජාවක් ලබා දුන්නේය.
ඒ අනුව මෙම ගටළුව්ට අදාළ සියලු පාර්ශව කැඳවා සති දෙකක කාලයක් තුළ විසඳුම් ලබා දෙන බවට රජයේ පාර්ශවයෙන් පොරොන්දු වී තිබෙන අතර අනතුරුව පිරිස විසිර ගියහ.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න
සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos
වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.