*
Tuesday, January 21, 2025
spot_img

Latest Posts

කටුකුරුන්දේ දේශනාවෙන් ජනපති අනුරගේ ජනප්‍රියත්වය පහළට ??

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (19) කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමින් සිදුකළ කතාව පාර්ශ්ව රැසකගේ විවේචනයට ලක්ව ඇති බව වාර්තා වේ.

විපක්ෂය නියෝජයන කරන පාර්ශවවල මෙන්ම ආණ්ඩු පක්ෂයට හිතවත් ඇතැම් පාර්ශ්වවල ද අසතුට මෙම කතාව සම්බන්ධයෙන් පළවී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර යුද්ධය අවසන් කළ නායකයාව නිල නිවසින් එළියට දැමීමට සූදානම් වීම සම්බන්ධයෙන් ඔවුන් කර්කෂ ලෙස අදහස් දක්වනු දැකගත හැකිය. මෙම ප්‍රකාශය මාලිමා පක්ෂ සාමාජිකත්වයෙන් කොටසකගේ උත්කර්ෂයට ලක්ව ඇති නමුත් ආණ්ඩුවට හිතවත්, ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ද භාවිතා කළ ඇතැමුන් පවසන්නේ එය ජනාධිපතිවරයා විසින් නොකිව යුතුව තිබුණු කතාවක් බවත් එයින් සිදුවූයේ අතිශයින්ම දුර්වලව සිටි පොහොට්ටුවට අලුත් පණක් ලැබීම පමණක් බවත් ය.

එසේම ආණ්ඩු පක්ෂයට සහාය දෙන තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ සමස්තයක් ලෙස ආණ්ඩුවේ සන්නිවේදන දුර්වලතාවය නිසා ඇතිව තිබෙන ජනතා අප්‍රසාදය තනිවම ගොඩදමන්නට ජනාධිපතිවරයාට සිදුව ඇති බවත් ඊට උත්සාහ කිරීමේදී ජනාධිපතිවරයා තම කතාව තුළින් තම “විධායක ජනාධිපති” තනතුරේ ගරුත්වයට හානි කරගත් බවත් ය.

මීට අමතරව ජනාධිපතිවරයා සිය කතාවේදී විවිධ ආයතන, ක්ෂේත්‍ර සහ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ ද ඒ ඒ අංශවල නිලධාරීන්ගේ සහ පෞද්ගලික අංශයේ අසතුටට හේතුවී ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

කලකට පසුව ජනාධිපතිවරයා ප්‍රසිද්ධ වේදිකාවකට පැමිණ ජනතාව අමතද්දී ජනතාවගේ එදිනෙදා දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන ආකාරය, රටේ ආර්ථිකය ඉදිරියට හසුරුවන ආකාරය සහ සංවර්ධන කටයුතු වේගවත් කරන ආකාරය මෙන්ම රැකියා උත්පාදනය සහ ජනතාවගේ ආදායම් වැඩිකෙරෙන ආකාරය කතා කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටියත් ඔහු විපක්ෂයේ සිටියදී සිදුකළ ආකාරයෙන්ම විවේචන බහුල කතාවක් පමණක් සිදුකර ඇති බවට මධ්‍යස්ථ පාර්ශ්වවලින් ද විවේදන එල්ල වී තිබේ.

කෙසේවෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කටුකුරුන්දේ කතාව මාලිමා පාක්ෂිකයින් කොටසකගේ මහත් අමන්දානන්දයට හේතුවී ඇති අතර එම කතාව ඉදිරියේ සියලු විපක්ෂ බලවේග දණින් වැටී කෙඳිරි ගාමින් සිටින්නේ යැයි ඔවුන් අවඥාවට ලක් කරන ආකාරයක් සමාජ මාධ්‍ය තුළ දැකගැනීමට ද හැකිවිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan