ප්‍රකාශයක් ලබාදීම සඳහා මනූෂ නානායක්කාර CIDයට පැමිණෙයි

0
536

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ, ඊයේ දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණි එකඟතාවයට අනුව ය.

E 8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර මහතා විසින් මෙසේ ප්‍රකාශයක් ලබාදීමට නියමිත බව සඳහන්.