ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ (LNW):

මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ, ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවූ බව සඳහන් වේ.


අද (22) දින, රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ.

අද වෙයි ඉරු දින , ඉරු දින පමණක්, හිරු ඉපදෙන විට, මා ආදරෙයි නංගියෙ,සඳයි තරුයි රැයයි හිරුයි, සුලඟ සමග එකතු,රන්මලියයි සිරිමලියයි,සිහිනිඟ වටකුරු, ඔහු ගැයූ ගීත වලින් ජනතාව හද බැද ගත් ගීත කිහිපයක් වේ.


අනිල් භාරතී මහතා ගායනා කරන ලද ගීත අතරින් බහුතරයක් නත්තල් ගීත වීම විශේෂත්වයක්. බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ ගීතයෙන් රසික හදවත් අතර ප්‍රසිද්ධියට පත්ව සිටි ඒ මහතා මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙක් වේ.


ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසින් වසර 50ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කර ඇති ඔහු කලක්ගු වන් විදුලියේ අධ්‍යක්ෂ ධූරය ද හෙබවූ බව සඳහන් සඳහන් වේ.

සංගීතයෙන් ලක් වැසියා සැනසූ කළාකරුවානෙණි ඔබට සුබ ගමන්!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...