*
Friday, January 24, 2025
spot_img

Latest Posts

හඳට රොකට් යවපු දරුවන්ට අම්මා,තාත්තා බලාගන්න බැරිද? ජනතාව මත ඒ බර පටවන්න ලැජ්ජාවක් නැද්ද?

කොළඹ LNW:සපත්තු කුට්ටමක් ගන්න බැරි, පොත්පත් ටික ගන්න බැරි,බෙහෙත් ටික ගන්න බැරි ජනතාවක් මත හිටපු ජනාධිපතිවරයෙකුගේ නඩත්තුව වෙනුවෙන් ලක්ෂ ගණනක වැය බරක් දැමීම කොතරම් දුරට සාධාරණ ද යන කාරණය අද (23) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මතුකළේය.

නාවික හමුදාවේ සේවය කළ,හඳට රොකට් යවපු දරුවන් සිටින පවුලක තමන්ගේ අම්මා,තාත්තා රැකබලාගැනීමට ඇති නොහැකියාව කුමක්ද යන ප්‍රශ්නය අමාත්‍යවරයා විසින් නගන ලදී.

2015 පසු විශ්‍රාමික ජනාධිපතිවරයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින විජේරාමේ නිවසේ නඩත්තු කටයුතු වෙනුවෙන් පසුගිය වසර කිහිපයක වියදම් වාර්තා ඉදිරිපත් කරමින් නලින්ද ජයතිස්ස මහතා මෙම ප්‍රශ්න කිරීම සිදුකළ අතර එවැනි විශාල වැය බරක් ජනතාව දැරිය හැකිද සහ දැරිය යුතුද යන ප්‍රශ්නය තමන් විසින් නගන බවයි එහිදී අමාත්‍යවරයා පැවසුවේ.

”මහින්ද රාජපක්ෂ මහතා ජීවත් වෙන මේ ගෙදර,මෙන්න බලන්න. 2020 නඩත්තුවට තිස්තුන්ලක්ෂ අසූදෙදාස් අටසිය අනූ දෙකයි. 2022කේ තුන්ලක්ෂ අනූපන්දාහයි. 2023,විජේරාමේ මේ නිවස අලුත්වැඩියාවට මිලියන 18.336යි. ලක්ෂ 183යි. නිල නිවාස සඳහා එක්සලේටරයක් සවිකරන්න ලක්ෂ 150යි දශම නවයයි. ජෙනරේටරයක් මිලදී ගන්න හතලිස් අට ලක්ෂ අසූ පන්දහස් අටසිය හතලිස් තුනයි. 2023 අවුරුද්දේ විතරක් මහින්ද රාජපක්ෂ මහතා පදිංචි ගෙදර අලුත්වැඩියා කටයුතුවලට ලක්ෂ 383ක් වියදම් කරලා තියෙනවා. සමස්තයක් හැටියට 2024ත් ඔහු වෙනුවෙන් නව ලක්ෂ හතලිස් හයදාහක් වියදම් කරනවා විජේරාම නිවසේ ඉදිරි වැඩකටයුතු සඳහා. මේ ඇවිල්ලා 2005 ඉදන් 2015 දක්වා ජනාධිපති වෙලා හිටපු කාලේ වියදම් නෙවෙයි මේ. අගමැති වෙලා අරලියගහ මන්දිරයෙත් හිටියා. 2015 ඉඳල විශ්‍රාමික ජනාධිපති ලෙස ඉන්න තමයි මේ ගෙදර පාවිච්චි කරලා තියෙන්නේ. මේක 2015 මේ තරම් ලොකු ගෙයක් නෙවෙයි. මට මතක හැටියට කදිරගාමර් ඇමතිතුමා තමයි ඔය ගෙදර හිටියේ. පස්සේ මේ ගෙදර ලොකුකරගත්තා ගෙවල් කිහිපයක් එකතු කරගෙන. වටේ තිබුණ ඔය හමුදාවේ අය පාවිච්චි කරපුවත් ගත්තා. අරගෙන තමයි මේ අක්කර එකයි පර්චර්ස් දහතුනයි දශම අටක් දක්වා මේක වැඩි කරගත්තේ. ඒ වැඩිකරගෙන අලුත්වැඩියා කටයුතුවලට විතරක් පසුගිය වසර කිහිපයේ හාරසිය තිස්ලක්ෂ තිස්නවදහස් නවසිය හැට නවයක් වියදම් කරගෙන තිබෙනවා මේ ගෙදරට පමණක්. ඉතින් ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ රටේ ජනතාවට මේ බර දරාගන්න පුළුවන්ද සහ බර දරාගත යුතුද? ඒකයි තියෙන ප්‍රශ්නය. ඔබතුමන්ලා කොහොමද මේ වර්ග අඩි තිස්පන්දහස් පන්සීය තිස්හතරක් වන අකර එකයි පර්චර්ස් 13ක තිබෙන මාසික කුලිය ලක්ෂ 46ක් වන නඩත්තුව සඳහා පමණක් පසුගිය වසර දෙකේ ලක්ෂ හාරසිය තිහක් වියදම් කරපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්න මේ මන්දිරය වෙනුවෙන් පෙනී ඉන්නේ කොහොමද කියන එක මට කියන්නකෝ. පෙනී ඉන්න අයට ලැජ්ජාවකුත් නැහැ. ඉන්න අයට ලැජ්ජාවකුත් නැහැ. දැන් තැන්තැන් වල කියනවා කියනකම් ඉන්නේ යන්න කියල. කියන්න දෙයක් නැහැ. ලැජ්ජාව තියාගෙන යන්නයි තියෙන්නේ. මම හිතන්නේ නැහැ යන්න තැන් එතුමාට නැතුව ඇතියි කියල. යන්න තැන් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ පුරුද්දකුත් තියෙනවනේ දරුවෝ ටිකක් ලොකුමහත් වුනහම ඒ දරුවෝ රැකියාවක් කරනකොට ඒ දරුවෝ විසින් දෙමව්පියන් රැකබලා ගන්නවනේ. දැන් මේ එහම ලොකු දරුවෝ තුන්දෙනෙක් ඉන්නවනේ. නේවි එකේ වැඩකරපු කෙනෙක් ඉන්නවා. හඳට රොකට් යවපු කෙනෙක් ඉන්නවා. දරුවන්ට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන් වෙන්න එපැයි. ඇයි මේ රටේ සපත්තු කුට්ටමක් මිලදී ගන්න බැරි,පොත්පත් ටික ගන්න බැරි,බෙහෙත් ටික ගන්න බැරි මේ රටේ සාමාන්‍ය අහිංසක අම්මා,තාත්තා මත මේ බර පටවන්නේ ඇයි ඒ දරුවෝ තුන්දෙනා. ඒක සාධාරණ නැහැ. දරුවන්ට ලැජ්ජාවකුත් නෑ. ඉන්න අම්මා,තාත්තට ලැජ්ජාවකුත් නෑ.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan