මහ රෑ ගෙදරට ඇවිත් අරන් යන්න දෙයක් නෑනෙ, මට කිව්වා නම් මම එනවා – ඇප ලැබුණු අනුර යාපා ආණ්ඩුවට කිව්ව කතාව

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් කිසිම දිනක රජයේ දේපළ අවභාවිතාවක් සිදුකර නොමැති අතර තමන්ට එවැනි අවශ්‍යතාවයකුත් නොමැති බවත් තමන්ව අත් අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම දේශපාලන පළිගැනීමක කොටසක් බවත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

“ගරු අධිකරණයට ස්තූතිවන්ත වෙනවා ප්‍රථමයෙන්ම නිවැරදි කරුණු අපේ නීතීඥ මහත්වරුන් ඉදිරිපත් කළාට පස්සේ ඒවා පිළිඅරගෙන වසර 10ක් විතර මට තිබුණු මහා මානසික වියවුලකින් මාව නිදහස් කිරීම ගැන. නඩු කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. අවුරුදු 10කට පස්සේ මහ රෑ ගෙදරට ඇවිල්ලා මාව සීඅයිඩී එකට ගෙනියන්න කිසිම අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. මට කිව්වා නම් මම එනවා. මම මගේ ජීවිතයේ කිසිම දවසක රජයේ දෙයක් වැරදි විදියට පාවිච්චි කරලාත් නෑ, අරගෙනත් නෑ. මට එහෙම අවශ්‍යතාවයකුත් නෑ. මේක එහෙම පිටින්ම දේශපාලන පළිගැනීමක කොටසක්. ආණ්ඩුව කරුණාකරලා හොඳින් තේරුම් ගන්න, ඕගොල්ලන්ට ආණ්ඩුව දීලා තියෙන්නෙ බලපෑම් කරන්නවත් බිය ගන්වන්නවත් නෙවෙයි. සාධාරණ ලෙස ආණ්ඩු කරන්න”

අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

2014 වසරේදී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් 6,146,110 ක මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදල් 2015 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ගැනීමේ චෝදනාව මත ඔහුව සහ ඔහුගේ බිරිඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා රාත්‍රියේ අත් අඩංගුවට ගෙන තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...

 ශ්‍රී ලංකා ආයෝජක සමුළුව සාර්ථකව ඩුබායිහිදී..

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : කොළඹ කොටස් හුවමාරුව...