ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ උතුරු මැද පළාත් සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර භූමිකාවේ නොදකින පැතිකඩ හා වහබ්වාදය

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට සිර දඬුවම් නියම වීම අද මුළු...

අද (10) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...

PAN ASIA බැංකුවේ ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ,...

පඩි මදි නම් වැඩි කරගමු, අමතර වංගු ගහන්න යන්න එපා – ඇමති වසන්ත රාජ්‍ය සේවකයින්ට කියයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන ක්ෂේත්‍රය තුළ වංචාව සහ හොරකම...