අපරාජිත teejay Lanka සහ HNB Finance අද සූරතාවයට ගැටෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 24,(LNW)කොළඹ :

වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ ඩී කාණ්ඩයේ සීමිත පන්දුවාර 40 තරගාවලියේ අවසාන තරගය අද වෙළද සේවා ක්‍රිකට් පිටියේදී ආරම්භ වීමට නියමිතයි.සිලෝන් බිස්කට් ආයතනයේ මන්චි බිස්කට් අනුග්‍රහය ඇතිව පැවත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 15 ක් සහභාගි වූ අතර කාණ්ඩ තුනකට බෙදා පැවත් වූ තරගාවලියේ දක්ෂතා පදනම් කර ගනිමින් අවසාන තරගය සඳහා තරග වැදීමට teejay Lanka සහ HNB Finance සුදුසුකම් ලබා තිබෙනවා.

පිලිවෙළින් සී කාණ්ඩයෙන් සහ බී කාණ්ඩයෙන් පෙරමුණ ගත් teejay Lanka සහ HNB Finance කණ්ඩායම් ද්විත්වය සමත් වුණා. පිළිමළුන් පිටුදැකීමේ අදියරේදී, ටීජේ ලංකා අර්ධ අවසන් පූර්ව තරඟයේදී සෙලාන් බැංකුව පරාජය කළ අතර අවසන් පූර්ව තරඟයේදී පවර් හෑන්ඩ් ප්ලාන්ටේෂන්ස් කණ්ඩායම පරාජයට පත් කළා. එච්එන්බී ෆිනෑන්ස් අර්ධ අවසන් පූර්ව තරඟයේදී අබාන්ස් සමූහය පරාජය කළ අතර අවසන් පූර්ව තරඟයේදී පරාජයට පත් කළේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් කණ්ඩායමයි.

අවසාන තරගයට සහභාගි වන කණ්ඩායම් දෙකේ නාම ලේඛණය පහතින් දැක්වෙනවා.
teejay Lanka : තාරක දිනේෂ් රත්නායක (නායක), හිමාෂ සස්මිත, ජනෙත් විජේසූරිය, කෝසල ජයසේකර, නාලක අමරකෝන්, නුවන් අලහකෝන්, පූර්ණ චතුරංග, ප්‍රින්ස් කුමාරසිංහ, සතිත් වික්‍රමසිංහ, සසිරි අදිකාරි, උදයංග මධුශංක
HNB Finance : උමේෂ්ක මොරායිස් (නායක), මාධව නිමේෂ්, දිනූෂ ප්‍රනාන්දු, තරුෂ ප්‍රනාන්දු, කලණ තිලංක, සිතුක ගුණවර්ධන, උනෙත් පීරිස්, , ක්‍රිෂාන් අපෝන්සු, නිපුන් ලක්ෂාන්, සුලේක රණසිංහ, තේජාන් ශාක්‍ය

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...