අද මීගමුවේදී ඇරඹෙන මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් හයක්

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 24 ,(LNW)කොළඹ :

මධයම ආසියානු වොලිබෝල් සම්මේලනය මඟින් පවත්වන මධයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය අද මීගමුව වෙරළේදී ආරම්භ වීමට නියමිතයි.ජනවාරි 24 දා සිට 26 දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකා පිරිමි වෙරළ වොලිබෝල් කණ්ඩායම් තුනක් සහ කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම් තුනක් තරග වැදීමට නියමිතව තිබෙනවා.
සත්කාරක ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම් සමඟ පිරිමි අංශයේ තරගවලදී කසකස්තානයෙන් සහ මාල දිවයින නියෝජනය කරමින් කණ්ඩායම් දෙක බැඟින් තරගාවලියට එක්ව සිටින අතර ඉරානය සහ භූතානය නියෝජනය කරමින් ද කණ්ඩායම බැඟීන් තරගාවලියට එක්ව සිටිනවා.


කාන්තා අංශයේදී ද ශ්‍රී ලංකාව හැරුණු විට මාල දිවයිනෙන් සහ කසකස්තානයෙන් කණ්ඩායම් දෙක බැඟීන් එක් කර තිබෙන අතර භූතානය සහ කිර්ගිස්තානය නියෝජනය කරමින් ද කණ්ඩායම බැඟීන් තරගාවලියට එක් වී සිටිනවා.

පිරිමි අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන අංක 1 කණ්ඩායම ලෙස නම් කර ඇත්තේ අංජන මානික්කුහේවගේ සහ සඳුන් මධුසංක ප්‍රනාන්දු නියෝජනය කරන කණ්ඩායමයි.අංක 2 කණ්ඩායම සඳහා සේනාරත්න දිලීප සහ මලිත් සිල්වා එක්ව සිටිනවා.ශ්‍රී ලංකා පිරිමි අංක 3 කණ්ඩායම නියෝජනය කරන්නේ නලීන් පෙරේරා සහ මධූෂ වික්‍රමසිංහ යි.

කාන්තා අංශයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන පළමු කණ්ඩායමට ෂෙහානි අසංගා වත්තලගේ සහ චතුරිකා වීරසිංහ ඇතුළත් වෙනවා.අංක දෙක කණ්ඩායම නියෝජනය කරන්නේ දිපිකා බණිඩාර සහ කසුනි අලවත්තගේ යි.කාන්තා තෙවන කණ්ඩායමට කුසුනි කේශලා දිසානාවයක සහ වාසනා ධම්මතිස්ස ඇතුළත්ව තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...