සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 24 ,(LNW)කොළඹ :
ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි අයෙකුට ඇමෙරිකාව වැනි රටක නැවත ජනාධිපතිවීමට හැකි වීම ඇතැම් විට පුදුමය දනවන කාරණයක් විය හැකියි.ඔහු ඉතාම සම්ප්‍රදායික පෞද්ගලික සිතීමේ රටාවකට අනුව කටයුතු කරන සහ රාජ්‍යය ඊට යටත් කිරීමේ උවමනාවෙන් ක්‍රියා කරන මුග්ධ බවකින් පෙළෙන අයෙක් බව ඔහුගේ ප්‍රකාශ සහ ක්‍රියාවන්ගෙන් පැහැදිළි වෙනවා.
දියුණු තාක්ෂණික සහ විද්‍යාත්මක දැණුමක් සහිත රටක,ඒ සම්බන්ධයෙන් ලෝකයට අවශ්‍යය අවබෝධය සපයන රටක නායකයෙක් වශයෙන් අතිශයින් සම්ප්‍රදායික නොදියුණු සහ ගෝත්‍රික දෘෂඨියකින් මානව සබඳතා සහ අනන්‍යතා ගැන අදහස් දක්වන සහ එය රාජ්‍ය ප්‍රතිපත්තිය හැටියට දක්වන්නට උත්සාහ කරන ට්‍රම්ප් සිය වචනවලින් රටේ පමණක් නොව ලෝකයේම අවධානය අපහාසාත්මකව හෝ දිනා ගැනීමට උත්සාහ කරන්නෙක් ද යන්න සැක සහිතයි.
මෑතකදී මිනිසුන්ගේ ලිංගිකත්ව අනන්‍යතාවය ගැහැණු සහ පිරිමි වශයෙන් පමණක් භාර ගන්නා ඇමෙරිකාවක් ගැන කතා කරමින් ලෝක අපහාසයට සහ අපවාදයට ලක් වුණු ට්‍රම්ප් වෙනුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක,විද්‍යාව වෙනුවට මිත්‍යා මත පෝෂණය කරමින් ආදායම් උපයාගන්නා සංවිධාන ඇතැම් ආගමික මතවාද ප්‍රචාරය කරන කණ්ඩායම්වල උවමනාව වෙනුවෙන් පෙනී සිටිමින් ට්‍රම්ප්ගේ අදහස වෙනුවෙන් පෙනී සිටිනු දකින්නට ලැබුණා.ඇතැම් විට වැරදි ආගමික උමතුවකින් විද්‍යාත්මක ඇත්ත යටපත් කර සිතීමේ අවකාශය ට්‍රම්ප්ට ද අදාළ වන්නේනම් ලෝක බලවතාගේ නායකත්වයට එවැනි පුද්ගලයෙකු පත්වීම ඇමෙරිකාවට පමණක් නොව නූතණ ලෝකයටම තර්ජණයක් වීමට ඉඩ තිබෙනවා.
මේ අපකීර්කියේ ප්‍රකාශය කරන්නට මත්තෙන් ට්‍රම්ප් ලැව් ගින්නෙන් සිඳු වූ විනාශය පදනම් කරගෙන ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් පැන නැඟුණු අර්බූදකාරී තත්ත්වය ගැන ඉතාමත් යහපත් ප්‍රවේශයක් පෙන්වමින් අළු මතින් නැඟිට ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් උළෙල මෙතෙක් ලොව පැවති විශිෂ්ඨතම ඔලිම්පික් උළෙල ලෙස පැවත්වීමට සිය පූර්ණ සහය ලබා දෙන බව පැවසුවා.විශේෂයෙන්ම තමන්ට පක්ෂපාති නොවූ ප්‍රතිපලයක් පෙන් වූ ලොස් ඇන්ජලීස් වැනි නගරයක් සම්බන්ධයෙන් පෞද්ගලික රුචි අරුචි කම් ඇමෙරිකාවේ ප්‍රතිපත්ත බවට පත් කිරීමට වෙහෙසෙන ට්‍රම්ප් වැන්නෙක් එම ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ද අයහපත් අදහසක් දැරීමට ඉඩ ඇති බවට තිබුණු සැකය දුරු කරමින්,එය ඉතිහාසයේ හොඳම ඔලිම්පික් උළෙල ලෙස පැවත්වීමේ අවශ්‍යතාවය පැහැදිළි කළා.
එහෙත් එම ප්‍රකාශයෙන් පසුව ඇමෙරිකානු ප්‍රතිපත්තිය ලෙස විවිධ ලිංගිකත්වයන් නොසළකා හරින බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් ඔලිම්පික් උළෙල පවා ප්රශ්නකාරී විමට ඉඩ තිබෙනවා.සිය අදහස සහ එකඟතා සෑම තැනකටම ආදේශ කරන්න යන ට්‍රම්ප් මේ මුග්ධ අදහසේ දිගටම සිට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මිනිසුන්ගේ ලිංගික අනන්‍යතා සම්බන්ධයෙන් දක්වන දියුණු අදහසට ට්‍රම්ප් බලපෑම් කළ හැකියි.මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මිනිසුන්ගේ සංක්‍රාන්තික ලිංගිකභාවය පිළිගන්නා සහ වෙනස් වූ ලිංගික අනන්‍යතාවයෙන් තරග කිරීමේ අයිතිය පිළිගන්නා තැනකට පත්ව සිටිනවා.එවැනි තත්ත්වයන්ට ඇමෙරිකාවේ විරෝධය මතු කරමින් ට්රමප යම් මැදිහත්වීමක් කරන්නට උත්සාහ ගතහොත් ඇතැමි ව්ට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ගැන වෙනස් අදහසක් ගන්නට ඉඩ තිබෙනවා.
කෙසේ වුවත් මේ වසර ඇතුළත නව නායකත්වයක් ජාත්‍යන්තර ඔලිම්පික් ආයතනයට පත්ව ඒමට නියමිත අතර එහිදී ට්‍රම්ප්ට සමීප අදහසක් දරමින් සෙබස්තියන් කෝ ද,විවිධ ලිංගිකත්වයන් පිළිගැනීම සම්බන්ධයෙන් කරන ප්‍රකාශවල යම් නොදියුණු අපැහැදිළිකමක් පෙන්වා තිබෙනවා.සමහර විට සභාපති තනතුරට අවශ්‍යය ඡන්ද ලබා ගැනීම සඳහා මේ දක්වා කීර්තිමත් ක්‍රීඩක ඉතිහාසවයට පරිපාලකයෙකු ලෙස ද කීර්තිය කැඳවා ගෙන සිටි කෝ,ට්රම්ප්මය ස්වරූපයකින් කටයුතු කරමින් ලෝකයේ ක්‍රීඩාව තබා තිබූ ඉදිරි පියවර පසුපසට ඇඳ දැමීම සඳහා බලය අපේක්ෂා කරගෙන ක්‍රියා කරනු ඇද්දයි සැකියක් මතුව තිබෙනවා.