නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ මාසික ඉන්ධන වියදම ලක්ෂ 20 සිට 03ට බස්සලා!

කොළඹ LNW:නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මාසික ඉන්ධන වියදම රු.ලක්ෂ 16ත් 20ත් අතර සීමාවේ සිට රු. ලක්ෂ 02ත් 03ත් දක්වා අඩුකර ඇතැයි වාර්තා වෙයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ මූලිකත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති රැස්වීමක දී මේ බව අනාවරණය වී ඇත.

රාජ්‍ය සම්පත් පරිහරණයේ දී කාර්යක්ෂමතාවය සහ වගකීම ඉහළ නැංවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව එම රැස්වීමේදී විශේෂ අවධානයකට ලක්ව ඇති අතර
එම රැස්වීම සදහා නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහභාගී වී තිබේ.

මේ අතර සෑම අමත්යවරයෙකුට සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට හිමිව තිබුණු රාජකාරී නිල වාහන 3 සිට 2 දක්වා අඩු කිරීමටත් මාසික ඉන්ධන දීමනාව ලීටර 1950 සිට ලීටර 900 දක්වා අඩුකිරීමටත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තීරණය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...