ගල්කිස්සෙන් මතු වූ කිලෝ ගණනක ඈෂ්!

0
479

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ (LNW):

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලව දිවයින් පුරා කරන මෙහෙයුමට අදාලව, ගල්කිස්ස පොලිස් වසමේ විමලසිරිද මෙල් මාවත ප්‍රදේශයේදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් සමග සැකකරුවෙකුව ත් අඩංගුවට ගෙන තිබෙන බව පොළිසිය පවසයි.



ඔහු සතුව තිබී ඈෂ මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 349 ක්, කුෂ් මත්ද්‍රව්‍ය ගෑම් 25 ක් මත්පෙති 320 ක්, මත් මුද්දර 129 ක්, වායු පිස්තෝලක්, විද්‍යුත් තරාදියක්, මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොදාගන්නා පැකට් 4000 ක් ජංගම දුරකථනයක් සහ මෝටර් රථයක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර, අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක්වන දෙහිවල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වේ.

විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ, මොහු රක්ෂිත බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයෙකුවන බවයි.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.