එජාප/සමඟි සාකච්ජා සාර්ථක වෙන එකක් නැහැ – දිළුම්

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ සහ සමඟි ජන බලවේගයේ සාකච්ජා සාර්ථක වනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව සර්ව ජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා පවසයි.

තමන් එලෙස පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් කෙනෙකුට නායකත්වය දීමට සූදානම් වනු ඇතැයි විශ්වාසය තැබිය නොහැකි නිසා යැයි අමුණුගම මහතා කියාසිටියි.

ඒ අනුව එළඹෙන පළාත් පාලන මැතිවරණයට එම දෙපාර්ශවය එකතු වී මැතිවරණයට මුහුණ දීම සඳහා වන සාකච්ජා සාර්ථක නොවනු ඇතැයි ඔහු සඳහන් කරයි.

“එජාපය සහ සජබ එකතු වීමක් ගැන සිතන්නේ නම් රනිල් නොවී වෙනත් අයකු නායකත්වයට පත්වීමෙන් වැඩක් නැති බවයි මගේ මතය. නැවත එක්වීමට මේ සාකච්ඡා කරන්නේ එදා එකට හිටපු අයයි. මේ අය එකතු වෙනවාද නැද්ද කියලා අපි දන්නේ නෑ. ඒත් රනිල් වෙන කෙනකුට නායකත්වය දී එකතු වෙන තැනකට යයි කියලා මම හිතන්නේ නෑ. අනිත් එක තමයි, වෙන කෙනකුට නායකත්වය දී මේ එකතුවීමෙන් වැඩක් වෙන්නෙත් නෑ. මොකද සජිත්ගේ නායකත්වයෙන් සජබ දැන් මැතිවරණ ගණනාවක් පරාජය වුණා. ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂය වෙනුවට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනත් කණ්ඩායමක් බලයට පත් වුණා. ඒක එහෙම වුණේ විපක්ෂයේ දුර්වලකම නිසයි. ඉතිහාසයේ හැමදාම වුණේ ආණ්ඩු පක්ෂය පරදින විට විපක්ෂයේ කණ්ඩායම බලයට පැමිණීම. මේ වතාවේ වික්ෂයේ අය විපක්ෂයේම ස්ථාවර වුණා.” යනුවෙන් අමුණුගම මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...