හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (ජනවාරි 29) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

යාපනයේ පිහිටි තම නිවසේ සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් පෙරේදා දිනයේදී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූ ඒ මහතා එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 82 වැනි වියේ පසුවිය.

මාවෙයි සේනාධිරාජා මහතා 1989 සිට 1994 දක්වාත් 1999 සිට 2020 දක්වා අඛණ්ඩවමත් පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...