ආණ්ඩුකාර හනීෆ් කන්ටේනර් චෝදනාව ප්‍රතික්ෂේප කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂාවකින් තොරව මුදාහරින ලද බව කියන බහාලුම් 323 තමන්ට සම්බන්ධ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් මහතා පවසයි.

“මම දැක්කා සමාජ මාධ්‍යවල මං ගැන සෑහෙන්න චෝදනා දාලා තියෙනවා මේ කන්ටේනර් ආනයනය කළේ මමයි කියලා. මම කියන්න කැමතියි එක කන්ටේනරයක්වත් මගේ නමට නැහැ. මම ඉස්සර පටන් ගත්තු සමාගම එක්ස්පෝ ලංකා, ඒගොල්ලොන්ගෙ නමටත් නැහැ. අපි කිසිම දෙයක් මේකට සම්බන්ධ නැහැ. මේක බොරු චෝදනාවක්. මම මේ ආණ්ඩුකාර තනතුරට පත්වුණාට පස්සේ මට මේ ගැන ප්‍රෙෂර් එකක් එනවා අනිත් දේශපාලන කණ්ඩායම්වලින්. මම දන්නෙ නැහැ කොහෙන්ද එන්නෙ කියලා මේ ප්‍රෙෂර් එක. නමුත් මම කියන්න කැමතියි මේ චෝදනාවට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. එක කන්ටේනරයක්වත් මගේ නමට නැහැ. එක්ස්පෝ ලංකා එකක්වත් ක්ලියර් කරලාත් නැහැ. ඒගොල්ලන් සම්බන්ධත් නැහැ. මම කැමතියි මේක ජනතාවට පැහැදිලි කරන්න මේක ලොකු බොරුවක් අරන් යන්නෙ”

ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් මහතා මේ බව සඳහන් කළේ ඊයේ (ජනවාරි 29) මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

මේ අතර එක්ස්පෝ ලංකා සමාගම ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ තම සමාගම කටයුතු කරන්නේ භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් සේවා සපයන්නෙකු ලෙස පමණක් වන අතර ආනයනකරුවකු ලෙස නොවන බවත් ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂාවකින් තොරව නිෂ්කාශනය කරන ලදැයි කියනු ලබන බහාලුම් 323න් කිසිවක් එක්ස්පෝ හෝ එහි අනුබද්ධිත සමාගමක් විසින් ආනයනය කර හෝ නැව්ගත කර හෝ වාප්පු නිෂ්කාශ කටයුතු කර හෝ නොමැති බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...