පොරොන්දු කඩ කළ රජයට ජනතාව සමූපකාර ඡන්දවලින් පිළිතුරු දෙන්න පටන් අරන් – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වර්තමානයේ රටේ තත්ත්වය දෙස බැලුවම ජනතා අපේක්ෂා කළ සේවා ඉටු නොවන බවත් පොදු ජනතාවට වු පොරොන්දු ඉටු නොවී කියන දේ නොකරන තත්ත්වයට පත්ව ඇති බවත් ජනතාවට අසිමිත බලාපො⁣රොත්තු දුන්නත් ඒවා ඉටු නොවන බවත් ශක්තිමත් වැඩපිළිවෙළක් හෝ දර්ශනයක් රජයට නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කතාව හොදට තිබුණත් ක්‍රියාව දුර්වල මන්දගාමී බවත් හැමදේම ඉබි ගමනින් යන බවත් ජනතා අපේක්ෂා බලාපොරොත්තු සුන් වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජීවනෝපාය අහිමි ජනතාවට විකල්ප ජීවනෝපායක්වත් රජයෙන් නැහැ

ජනතාවගේ ජීවනෝපාය ගැටලු ඇති වන විට විකල්ප ජීවනෝපාය හඳුන්වා දිය යුතු වුවත් එවැනි දෙයක් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා අද වන විට බඩු හිගයක් පවා ඇති බවත් සහල් පොල් හිගයක් පවා ඇති බවත් පැවසීය.

ආනයන භාණ්ඩ හිගයක් පවා ඇති බවත් විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් තවමත් එවැනි දෙයක් නොමැති බවත් විදුලි බල මණ්ඩලය අධික ලාබ ලැබුවත් ඒ ලාභය ජනතාවට නොලැබෙන බවත් ජනතා විවේචන චෝදනා මැද 20%කින් පමණක් විදුලි බිල අඩු කළ බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ජනතා මතය සමූපකාර ඡන්දයෙන් තේරෙනවා

ජනතාවගේ මතය අද වන විට සමූපකාර ඡන්දවලින් පෙනෙන බවත් ජනතාවගේ විරෝධය මත රජයට බරක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පොහොර සහනාධාරයවත් හරියට දෙන්න බැරි රජය රතු නිවේදන සහිත බහලුම් 323ක් පරීක්ෂාවෙන් තොරව නිදහස් කර ඇති බවත් සෑම ආණ්ඩුවක්ම වැඩිහිටි ප්‍රජාවට දුන් 15% පොළිය අද 7-8% අඩුකර ඇති බවත් මේ විශ්‍රාමික ප්‍රජාව තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගත්තේ මේ පොලි ආදායමෙන් වුවත් අද ඒ පොළියටත් බදු අය කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා

රාජ්‍ය සේවකයන් පවා වැටුප් වැඩි කිරීමක් අපේක්ෂා කරන බවත් රාජ්‍ය සේවය සේම පෞද්ගලික අංශයේද වැටුප් වැඩිවිය යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ වගකිවයුතු විපක්ෂයක් ලෙස තමන් ජනතාව වෙනුවෙන් හඬ නගන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටි⁣යේ ඊයේ (ජනවාරි 29) ගම්පහ දිවුලපිටියේදී එඩ්වර්ඩ් ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් පැවැති ජන හමුවකදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...