අනුර ප්‍රියදර්ශනගේ සිද්ධියට තෙල් සංස්ථාවේ ලොක්කෙකුත් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 61, 46,410 ක මුදලක් 2015 ජනාධිපතිවරණය සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගැනීම සම්බන්ධයෙනුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මෙම චෝදනාව යටතේ මීට පෙර හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වූ ඔහුගේ බිරිඳ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆින්ලන්ත රජයෙන් මෙරට සුව සේවය ඩිජිටල්කරණයට අත හිත!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ගීතාගේ සමීම් වන්නට හැකි නෙත්මිගේ සංජීව

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකාව එදා මෙදා තුර...

බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කළ...

නව පොලිස්පතිවරයා සිය නිල රාජකාරී ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා...