ජනාධිපති මට කිසිවිටෙක ඉල්ලා අස්වෙන්න කියලාත් නෑ, කියන්නෙත් නෑ – මහින්ද

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට කිසිවිටෙකත් ඉල්ලා අස්වෙන්නැයි කියා නොමැති අතර එසේ කිසිවිටෙක නොකියන්නේ යැයි තමන්ට විශ්වාසයක් ද ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“තමුන්නාන්සෙලා අපි සමග මේ විශ්වාසය තබලා කටයුතු කිරීම ගැන ඔබට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම එක දෙයක් මට මතක් කරන්න ඕනෙ, ජනාධිපතිවරයා කිසිවිටෙක මට ඉල්ලා අස්වෙන්න කියලා කියන්නෙත් නෑ, කිව්වෙත් නෑ කියලා. ඒ වගේම කිව්වෙත් නෑ, කියන්නෙත් නෑ කියලා මට විශ්වාසයක් තියෙනවා. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන සභාපතිවරුන් සහ දිස්ත්‍රික් නායකයින්ගේ රැස්වීමක් අමතමිනි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා ඊයේ උදෑසන ආණ්ඩුවේ සෙසු පක්ෂ නායකයින් වෙත ලිපියක් මගින් දැනුම් දී තිබුණේ වත්මන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමන් එකඟ බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...