ඇයි අනුර ඔයාට ට්‍රම්ප් වගේ වෙන්න බැරි – මන්ත්‍රී හර්ෂගේ අලුත්ම ප්‍රශ්නය!

Date:

කොළඹ LNW:සිස්ටම් ජේන්ජ් කිරීමට පැමිණි අයට දැන් පෑන් පාරක් තියා පෑනවත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මේ වන විට ඇමරිකාවේ නව ජනාධිපති ලෙස පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප් එක පෑන් පහරින් සිස්ටම් ජේන්ජ් කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එහෙත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසඳාගැනීමට නොහැකි තරම් ගැටළු නිර්මාණය කරගෙන් සිටින බව ඔහු පවසයි.

”ඔයගොල්ලෝ කිව්වේ සිස්ටම් එක ජේන්ජ් කරනවා කියල. කිව්වේ මේවා වෙනස් කරනවා කියල. දැන් අපි දැක්කනේ ට්‍රම්ප් ඇවිල්ල සිස්ටම් ඔක්කොම ජෙන්ජ් කරනවා. පෑන් පාරෙන් ඔක්කොම වෙනස් කරනවා. කෝ දැන් පෑන. පෑන් පාර කෙසේවෙතත් පෑන හොයාගන්න බැරුව තියෙන්නේ. ප්‍රශ්න එකින් එක මට විග්‍රහ කරන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ ඒකට කාලය යොදවන්නේ නැහැ. මොකද ඉවර වෙන්නේ නැති තරම් ගැටළු මේ කට්ටිය නිර්මාණය කරගෙන විසඳගන්න බැරුව එහෙට මෙහෙට වේවි ඉන්නවා.” යනුවෙන් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...