ට්‍රම්ප්ගේ එක පෑන් පාරේ තීන්දුවලට කවුන්ටර් ඇටෑක් එකත් එයි!

Date:

කොළඹ LNW:කැනඩාවෙන්,මෙක්සිකෝවෙන් හා චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බදු පැනවීමක් සිදුකර තිබේ.

ඒ අනුව කැනඩාවෙන් හා මෙක්සිකෝවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත 25%ක බද්දක් සහ චීනයෙන් ආනයන කරන භාණ්ඩ මත 10%ක බද්දක් පැනවීමටයි ඇමරිකානු ජනාධිපතිවරයා කටයුතු කළේ.

කෙසේවෙතත් එම රටවල් වලින්ද මේ වන විට ඊට ප්‍රතිචාර දක්වා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමතර බදු පැනවීමට කැනඩාව හා මෙක්සිකෝව පියවර ගෙන තිබෙන අතර කැනඩාව ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ මත 25%ක අමතර බද්දක් පැනවීමට තීරණය කර ඇත.

කැනඩා අගමැති ජෙස්ටින් ටෘෘඩෝ ඒ බව නිවේදනය කර තිබේ.

මේ අතර මෙක්සිකෝව සහ චීනයද තමන්ට පැනවූ බද්දට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටද තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇමරිකාවේ එම බදු පැනවීමේ තීරණයට එරෙහිව ලෝක වෙළෙඳ සංවිධානය හමුවේ ද නීතිමය පියවර ගැනීමට උක්ත රටවල් සූදානමින් පසුවෙයි.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම බදු පැනවීමේ තීරණය ලෝක වෙළෙඳාම තැති ගැන්මකට ලක්කරන්නක් වන නමුත් එය ඇමරිකාවටම පෙරළා පාරාවළල්ලක් වනු ඇති බවයි බොහෝ විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණය සම්බන්ධයෙන් චීනයේ නිශ්චිත ප්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳ මේ වන විට ගෝලීය අවධානය යොමුව තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...