අද වන විට පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය, ස්ථාවර නියෝග, වරප්‍රසාද සේරම උල්ලංඝනය වෙනවා – විපක්ෂ නායක (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කමිටුවල නියෝජනය පිළිබඳ ගැටලුව වෙනුවෙන් කතානායකවරයා සමග, සභානායකවරයා සමග, ජනාධිපතිවරයා සමග හමුවී මෙන්ම දුරකථනයෙන් ද සාකච්ඡා කළ බවත් මේ තැනට ආවේ විසඳුමක් නොමැති නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ස්ථාවර නියෝග, සම්ප්‍රදාය, ක්‍රමවේදය ගැන කතානායකවරයාම කතා කළත් අද වන විට සම්ප්‍රදාය විනාශ වී ඇති බවත් සියලුම මන්ත්‍රීවරුන්ට Erskine May සහ කවුලන් ෂඩ්ලර් යන නීතිරීති සම්ප්‍රදායන් ඇති පොත් කියවන ලෙස යෝජනා කළ බවත් මේ අය මිත්‍රත්ව සංගම්වල ඡන්ද තියන්න පවා හැදු බවත් මේවා සම්ප්‍රදාය නොවන බැවින් නම්‍යශීලී වී විපක්ෂයට කමිටුවල නියෝජන සදහා අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (පෙබරවාරි 05) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

අද සමූපකාර ඡන්ද සදහා ද මර්දනය භාවිතා කරන බවත් කඹුරුපිටියේ සාමකාමී උද්ඝෝෂණයකදී පවා මර්දනය භාවිතා වූ බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පවා අයි එම් එෆ් එකට විරුද්ධව කතා කිරීමේ දී මර්දනය සිදුවූ බවත් සිහිපත් කළ විපක්ෂ නායකවරයා මේ මර්දනය අනුමත කළ නොහැකි බවත් අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...