ලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට කළ නීතිපති නිර්දේශයට එරෙහිව විරෝධතාවක්! (PHOTO STORY)

Date:

කොළඹ LNW:සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමට විරෝධය දක්වමින් අද (06) නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට තරුණ ජනාමධ්‍යවේදීන්ගේ සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඊට ජනමාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයින් සහභාගී වී සිටි අතර යුක්තිය අපේක්ෂා කරන සියලුම දෙනාට ඊට එක්වන ලෙසයි තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආරාධනය කර තිබුණේ.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් දී තිබෙන නිර්දේශය මේ වාන් විට සමාජය තුළ කැළඹීමක් නිර්මාණය කර තිබෙන අතර නීතිපතිවරයාට සිය ධූරය අතහරින ලෙසද බලපෑම් කරමින් තිබේ.

මේ අතර නීතිපතිවරයා මෙවැනි නිර්දේශයක් ඉදිරිපත් කිරීම පිටුපස පවතින අභ්‍යන්තර හේතුද අනාවරණය විය යුතු බවයි ඊට එරෙහිව අදහස් දක්වන්නන් පවසන්නේ.

කෙසේවෙතත් නීතිපතිවරයා විසින් ලබා දී තිබෙන මෙම නිර්දේශය සම්බන්ධයෙන් අද ජනාධිපතිවරයා සහ නීතිපති පාරින්ද රණසිංහ මහතා සාකච්ජාවක් සිදුවන බවටද වාර්තා විය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...