පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් වෙනුවෙන් ජපන් රජයෙන් අත හිත!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ (LNW):

ජපාන රජයෙන් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ කැපවීමට විශාල දායකත්වයක් ලබා දී ඇත.

ඒ යටතේ ජපානයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන මගින් කසළ ප්‍රවාහනය සඳහා භාවිතා කරන නවීනතම කම්පැක්ටර් රථ 28ක් ලබා ගැනීම සඳහා ජපන් යෙන් මිලියන 300ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 565ක) ප්‍රදානයක් ලබා දී ඇත.

‘මෙම ප්‍රදානය මගින් කසළ එකතු කිරීම සහ බැහැර කිරීම සඳහා වන උත්සාහය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කෙරෙන අතර රජයේ “Clean Sri Lanka” වැඩසටහනෙහි අභිලාෂය පරිදි රටේ භෞතික පරිසරය වඩාත් පිරිසිදු බවට පරිවර්තනය කිරීම, තිරසර භාවිතයන් හා යහ පුරුදු සඳහා වූ ජාතික මට්ටමේ කැපවීම සහතික කෙරෙනු ඇත.

වේගවත් නාගරීකරණය හේතුවෙන් නීතිවිරෝධී කසළ බැහැර කිරීම සහ පරිසර දූෂණය ඇතුළු අභියෝග, අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් භෞතික පරිසරය පිරිසිදුව පවත්වා ගැනීම මගින් විසදා ගැනීමට “Clean Sri Lanka” වැඩසටහන මගින් අපේක්ෂා කරයි. මෙම කසළ ප්‍රවාහනය සඳහා භාවිතා කරන නවීනතම කම්පැක්ටර් රථ ලබා දීම ශ්‍රී ලංකාවේ බස්නාහිර, උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියේ ධාරිතාව වැඩි දියුණු කිරීමේ හැකියාව වඩාත් ශක්තිමත් කරන අතර එතුළින් සියලුම පුරවැසියන්ට පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වාගෙන යාමට ද හැකියාව ලැබේ.

ඉහත වැදගත් කර්තව්‍යට අදාළ ලියවිලි අත්සන් කිරීම 2025 පෙබරවාරි මස 03 වන දින ජනාධිපති කාර්යාලයේ දී සිදු කරන ලදී. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමතා මහතා විසින් අදාළ ලේඛන සඳහා අත්සන් කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අකිකො ඉකුයිනා මහත්මිය ද සහභාගී විය.

මෙම ආධාරය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපාන රජය වෙත සිය කෘතඥතාව පළ කරන ලදී. මෙම සහයෝගීතාවය මගින් දෙරට අතර පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් වීම හා ශ්‍රී ලංකාවට වඩාත් පිරිසිදු හා තිරසාර අනාගතයක් සඳහා මඟ සකස් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී චාමර සම්පත්ගෙන් පොලීසිය භාර ඇමතිට එරෙහි පැමිණිල්ලක්!

කොළඹ LNW: 2024 වසරේ පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේදි සිදුව...

ආදිවාසි ජනතාව දළදා වහන්සේ උදෙසා කළ මී පැණි පූජාව!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: අද (04) දින ...

අසාධ්‍ය තත්ත්වයේ පසුවන කණ්ඩලමේ හැඩකාරයා ඔබට ඉක්මන් සුව!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: වනජීවී පශු වෛද්‍යවරුන් කණ්ඩායමක්...

අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිස්...